එළඹෙන් පකිස්ථාන සංචාරයෙන් පෞද්ගලික හේතඅ දක්වමින් ඉවත් වූ ශ්‍රි ලංකා කණ්බායමේ කීඩකයන් සඳහා ලංකා ක්‍රිකට් ආයතනය විනය පියවර ගනිමින් ඔවුන්ට දඬුවම් කළ යුතු බව පාකිස්තාන හිටපු නායක ජාවඩ් මියන්ඩාඩ් ප්‍රකාශ කර තිබේ.

තරග 3 බැඟින් සමත්විත වු විස්සයි-20 හා එක්දින තරගාවලි ඇතුළත් මෙම සංචාරයේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් විස්සයි-20 නායක ලසිත් මාලිංග, එක්දින නායක දිමුත් කරුණරත්න, හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස්  හා දිනේෂ් චන්දිමාල්. සුරංග ලක්මාල්, තිසර පෙරේරා, අකිල ධනංජය,

ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල මෙම සංචාරයෙන් ඉවත් වී තිබිණි.

කෙසේ වෙතත් මියන්ඩඩ් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ජාතයන්තර ක්‍රිකට් පිටිය තුළ තමන්ගේ නියෝජනය කිරීමේ වගකීම පැහැරහරිමින් පාකිස්තාන සංචාරයන් ඉවත් වීම විනය විරෝධී ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් එහිදී අදහස් දක්වා ඇති මියන්ඩාඩ් පාකිස්තානයේ සංචාරය කරන්නේ ශ්‍රී ලංකාවේ කුමන කණ්ඩායමක් වුවත් ප්‍රශ්නයක් නැහැ. පාකිස්තානය කළ යුත්තේ සංචාරකයන්ගේ සංචිතයේ ගුණාත්මකභාය ගැන නොසිතා තමන්ගේ දක්ෂතා උපරිම අයුරින් දක්වමින් ක්‍රීඩා කිරීමයි" යනුවෙන් පවසා ඇත.

තවද පාකිස්තාන ක්‍රිකට් දින දර්ශනයට ඇතුළත් ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා සහ බංග්ලාදේශ තරගාවලි අතුරින් ආරම්භය සටහන් වන ශ්‍රී ලංකා තරගාවලිය ඔවුන්ගේ කණ්ඩායමට දැඩි බැළපෑමක් එල්ල කරන බවත් ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානය තුළ ක්‍රීඩා කරන්නට අවස්ථාව හිමිවීම පාකිස්තාන ක්‍රීඩකයන්ට ඔවුන් තුළ දැඩ් විශ්වාසයක් හා හොඳ මානසිකත්වයක් ඇතිකරන්නක් බවත් මියන්ඩාඩ් එහිදී සඳහන් කර තිබේ.

කෙසේ නමුත් මීට දින කිහිපයකට ඉහතදී මෙම සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ පාකිස්තාන ක්‍රිකට් පාලක මණේඩලයේ සභාපති ඒෂාන් මානි ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරය පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්වයක් පැන නැගී තිබුණද එම තරගාවලිය සඳහා පාකිස්තානයේ සත්කාරකත්වය ලබාදීම් පිළිබඳ විශ්වාසයකින් පසුවන බචයි.

යම් හෙයකින් මෙමේ සංචාරය සාර්ථකව පැවැත්වීමට හැකිවුවහොත් ශ්‍රී ලංකාව පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයකට එක්වන්නේ වසර 10කට පසුවයි. 2009 වසරේ ලාහෝර් නගරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහරයෙන් අනතුරුව පාකිස්තානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේ අර්බුදකාරී තත්වයක් පැන නැගී තිබේ. එම සිදුවීමෙන් අනතුරුව 2017 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක් එක්සයි20 තරගයක් සඳහා සහභාගි වූ අතර සිම්බාවේ හා බටහිර
ඉන්දීය කොදෙව් කණ්ඩායම් පමණක් පාකිස්තානයේ ජාතයන්තර ක්‍රිකට් තරගාවලි 2ක් සඳහා එක්වී තිබිණි.