https://www.gossiplankanews.com/2019/09/lotus-tower-openning-benifits.html
කුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම්කුළුණ අද (16)  සවස 5 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරනසියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව වාර්තාවේ.
මෙම කුළුනේ ඉදිකිරීම් වසර ගණනාවක් ප්‍රමාද වූ නිසා පාඩුව මිලියන ගණනක්
චීන බැංකුවකට ගෙවන්න සිදුවීම අවාසනාවන්ත තත්වයක් වන්නා සේම කුළුණ විවෘත කළ වහාම ජනතාවට සැලසෙන එහි සැලසුම්කළ පහසුකම් සියල්ල නොමැති බවද වාර්තාවේ.

නෙළුම් කුළුණ හරහා ඩිජිටල් රූපවාහිනී සහ ගුවන් විදුලි ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.එය ජපන් ක්‍රමය හෝ යුරෝපිය ක්‍රමය වුව ද ඒ ඕනෑම ක්‍රමයක් භාවිත කළ හැකි ආකාරයට නෙළුම් කුළුණ නිර්මාණය කර ඇති නමුත් තවම ඒ කාර්යයට අතගසා නැත.

ගුවන් විදුලි සේවාවන්ද එහි සිට විකාශයකරන්නට තවම සූදානමක් නැත. රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා නෙළුම් කුළුණ ඔස්සේ ලබා දීමට තව ටික කලක් ගතවනු ඇති බව වාර්තාවේ.

2012 වසරේඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙනඅතර එහි උස මීටර් 356ක් වේ‍ෙ
අමෙරිකානු ඩොලර්මිලියන 104යි දශම 3ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයතෙු සිදුකර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67ක මුදලක් චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම්බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී තිබේ.

ඉතිරි පිරිවැය දරා ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමනකොමිෂන් සභාවයි.
බේරේ වැව අසල ඉදිකර ඇති නෙළුම් කුළුණේ පාදමේ තට්ටු තුනක් මහජන භාවිතය සදහා පමණක් වෙන් කර ඇති අතර  කැරකෙන අවන්හලකින් ද මෙය සමන්විතයි.
නෙළුම් කුළුණ ආසන්නයේ පිහිටුවා ඇති පුවරුවක එහි ඉදිරියේදී ලබාදෙන පහසුකම් ගැන දන්වා ඇත්තේ මෙසේය.