https://www.gossiplankanews.com/2019/09/gota-muralitharan.html
ද (8) දහවල් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භවූ  'වියත්මග' තරුණ සමුළු පූර්ව සැසියට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු විශිෂ්ට පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන් එක්වී තිබේ.  හිටපු ආරක්ෂක ලේකම්
හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට ඔහුගේ දෑත් ශක්තිමත් කිරීමට මුරලිදරන් එක්ව තිබේ.
 ඉදිරියේදී පවත්වන්නට නියමිත තරුණ සමුළුව පිළිබඳ සාකච්ඡාවක් හා වත්මන් දේශපාලන තත්වය ගැන මෙහිදී අදහස් දක්වන්නට නියමිතය.

මීට කලකට පෙරාතුව සිට රටේ දේශපාලන තත්වය ගැන සිය පුද්ගලික අදහස් සෘජුව ප්‍රකාශ කළ අයෙකු වන මුරලිදරන් සිංහල -දෙමළ වර්ගවාදය ප්‍රතික්ෂේප කළ අයෙකි.
කෙසේ වෙතත් ඔහු දේශපාලනයට කිසිසේත් සම්බන්ධ නොවන බව මින් ඉහත පවසා තිබුණි.