මහරගම දෙහිවල පාර හරහා ඉදිකල විශාල දේශපාලනික තොරණක් කඩා වැටීම නිසා කිහිප දෙනෙක්
රෝහල් ගත කර වාහන

කිහිපයක් අලාභ සිදුව ඇති බව වාර්තාවේ.
මහා මාර්ගය හරහා ඉදිකර තිබූ මෙම පිළිගැනීම් තොරණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඉදිකළ එකකි. එය කඩා වැටීම නිසා මාර්ගයේ ගමන් ගත් වාහන කීපයකට අලාභහානි සිදුව ඇත.

මහරගම හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය විසින් මෙම පිළිගැනීමේ තොරණ ඉදි කරනු ලැබ ඇති බවද වාර්තා විය.
අනතුර හේතුවෙන් තුවාල ලද තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව ද වාර්තා වේ