ලොව අංක එකේ ටෙනිස් ක්‍රිඩිකාව ලෙස සැලකෙන 37 හැවිරිදි සෙරිනා විලියම්ස් පරාජය කරමින්  ඇමෙරිකා ග්‍රෑන්ඩ් ස්ලෑම් විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට 19 හැවිරිදි  කැනේඩියා ටෙනිස් ක්‍රිඩිකා බියන්කා ඇන්ඩ්‍රෙස්කු සමත් වුණා.

නිව්යෝක්හි පැවති තරගයේ පළමු හා දෙවන වට දෙකෙහිම ජය හිමි කර ගත්තේ බියන්කා ඇන්ඩ්‍රෙස්කුයි. ඒ  හයට තුනක් සහ හතට පහක් ලෙසයි. මෙම ජයග්‍රහණයත් සමග කැනේඩියා අගමැති ජස්ටින් ටෘඩෝ ටෙනිස් ක්‍රිඩිකා බියන්කා ඇන්ඩ්‍රෙස්කුට සුබ පැතුම් එක්කර තිබෙනවා.  තිස් හත්

හැවිරිදි සෙරිනා විලියම්ස් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියේ හිමි කර ගෙන ඇති ශුරතා සංඛ්‍යාව විසිතුනකි.
ඇන්ඩ්‍රීස්කු කැනඩාවේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරයා බවට පත්වූ අතර මීට වසර 13 කට පෙර මාරියා ෂරපෝවාට පසුව මෙතරම් අඩු වයසක ටෙනිස් ශූරියකවූ මුල්ම අවස්ථාව මෙය විය.
මීට මාස දොළහකට පෙර 2018 අවසන් වටයේදී විලියම්ස් නයෝමි ඔසාකාට පරාජය වූ අවස්ථාවේ තමන්ට අහිමි වූ පුටුවේ විනිසුරු කාලෝස් රමෝස් සමඟ ගැටුමක් ඇති කරගත්තේද මෙම තරගයේදීය. එම වසරේ ටෙනිස් ක්‍රීඩාවේ ලිංගිකත්වය පිළිබඳ විවාදයක්ද ඇය ඇති කළාය.
 විලියම්ස් නැවතත් අනුශූරතාව දිනා ගත් පසු මෙසේ කියා තිබේ.
"අවංකවම මේ අවස්ථාවේදී මං භයානක ලෙස පැරදුණා .. ඇය පරදන්න මට මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුයි. මට නිසි වේලාවට සිරුර හසුරන්න නම්‍යශීලී වෙන්න බැරි වුනා, ඒ නිසා මට අවශ්‍ය වුණේ ටිකක් හොඳින් ක්‍රීඩා කරන්න. ”
ඇය සිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කඳුළු සලමින් හඩා වැටුණාය.