https://www.gossiplankanews.com/2019/09/deegoda-kumara-vishwa-shakthi-death.html
නුරාධපුර හොරොව්පොතාන ක්‍රීඩාංගණයකදී විශ්වශක්තියෙන් රෝගීන් සුව කරන ස්ථානයකට යමින් සිටියදී කළුතර මහ වස්කඩුව පදිංචි පී. දිනූෂා ද සිල්වා නමැති (39) එක් දරු මව රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන්
පසු පසුගියදා මියගොස් තිබූ අතර ඊයේ (9) පළවූ මාධ්‍ය වාර්තා වල එම මියයාම රෝගීන් සුව කරන අතරතුර සිදුවූ ආකාරයට වැරදි ලෙස සටහන්ව ඇති බවට මියගිය දිනූෂා ද සිල්වා මහත්මියගේ ස්වාමිපුරුෂයා වන වර්ණ ගුණසේකර (41) මහතා
චෝදනා කර තිබේ.
ඔහු මෙසේ පැවසීය. ‘මියගියේ මගේ බිරිඳ අපට එක් දියණියක සිටිනවා.මගේ දියණිය පානදුර ප‍්‍රදේශයේ විදුහලක හයවැනි

ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මාගේ බිරිඳ ප‍්‍රථම දරු ප‍්‍රසූතියෙන් මසකට පසු රෝගී තත්ත්වයට පත් වුණා. වසර එකොළහක් තිස්සේ බටහිර හා දේශීය වෛද්‍ය ක‍්‍රමවලින් ඇයට ප‍්‍රතිකාර කළත් ඉන් සුවයක් ලැබුනෙ නෑ. ඒ අනුව පසුගියදා අනුරාධපුර හොරොව්පොතානේ විශ්වශක්තියෙන් ලෙඩ සුවකරන වැඩසටහනක් ක්‍රිරයාත්මක කරන බව දැනගත් අපි පවුලේ කීපදෙනකු සමග දිනූෂාව ද එම ස්ථානයට රැගෙන ගිය
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පැය එකහමාරකට පමණ පෙර වෙලාවකදී ඇයට හුස්ම ගැනීමට අපහසුතාවක් ඇති වුණා.
එහිදී ඇයව අප විසින් හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර සුළු වේලාවකදී ඇය මියගොස් ඇති බව දැනගන්නට ලැබුණා.
මෙම මරණය පිළිබඳව විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය මගින් තොරතුරු විකෘති කර පළ කිරීම පිළිබඳව අප සැම දෙනාම පුදුමයට පත් වුණා.
කරුණු සොයා බැලීමෙන් තොරව විශ්ව ශක්තියෙන් රෝග සුව කරන අයගෙන්ද කරුණු නොවිමසා පුවත් පළ කිරීමෙන් එම ස්ථානයට පැමිණි සිිටි පහළොස් දාහකට පමණ වන ජනයා හා රෝගීන් සුව කරන පුද්ගලයා ද අපහසුතාවකට පත්ව තිබෙනවා.
මා කියා සිටින්නේ මාගේ බිරිඳගේ මිය යෑමට කිසිසේත් එම වැඩසටහන බල නොපෑ බවයි. '

වාද්දුව - විශේෂ සේපාලි ගුණසිංහ