වේගයෙන් ඉගිල යන දේ  ලියාපදිංචි කරන නාරාහේන්පිට පැත්තේ ලොකු කන්තෝරුවක ලොකු මහත්තයෙක් ගැන අද දින ජාතික පත්තරේක විස්තරයක් පළව තිබේ. එහි මෙසේ දැක්වේ.
මේ මහත්තයා හින්දා ඒ කන්තෝරුවේ කාන්තාවන් ගොඩකට ප්‍රශ්නලු. මෙයා කලින් වැඩකරපු තැන්වල නෝනලා මේ කන්තෝරුවටත් ගෙනල්ලා. රාජකාරි වෙලාවේ වුණත් මහත්තයාගේ පුද්ගලික වැඩකරන්න පහසු වෙන්න රාජකාරි කාමරය ළඟම තවත් කාමරයකුත් හදවලා. ඒකේ ඇඳකුත් තියෙනවලු. ඒ කාලේ කරපු වැඩ දිගටම
කරගෙන යද්දි මේ ගෙනාපු නෝනලා සමහර වෙලාවට කෙහෙවලුත් පටලවගෙන තියෙනවා.

කොහොම වුණත් මේ මහත්තයා සන්තෝස නොකර හොඳ තැනක් හදා ගන්නත් බැහැ. ඒ හින්දා පරිපාලන සේවා නෝනලගේ ඉඳල පහළම නෝනලා වුණත් මේ මහත්තයට යටයි. හැබැයි මහත්තයගේ හිත ගත්තොත් ගොඩම තමයි.

මේ ආයතනය භාර ඇමැති මේ ලොක්කා ගැන මුලදි හිටියේ කේන්තියෙන්ලු. ඒත් දැන් දෙන්නා හරි යාළුයි. ඒකට හේතුව නම් තවම කවුරුත් දන්නේ නැහැ.

දියවන්නාවේ වැඩි පිරිසක් එපා කියද්දී මේ මහත්තයවම දිගටම තියාගෙන ඉන්නේ ඒ හින්දා කියලයි ආරංචි. හැබැයි මේ විදිහට ගියොත් දෙපාර්තමේන්තුවේ වැඩ සේරම පිටට විකුණන්න වෙන එක ස්ථීරයි කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.