විශ්ව බලයෙන් රෝගීන් සුවපත් කරන බව කියන දීගොඩ කුමාර නමැත්තා විසින් හොරොව්පොතාන රුවන්වැලි මධ්‍ය විද්‍යාලයීය

ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ වැඩසටහනකට සහභාගි වී සිටියදී හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර සිටි 52 හැවිරිදි පුද්ගලයකු පෙරේදා (08) අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මිය ගොස් ඇත.

කලක සිට වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි අනුරාධපුර කලාවැව විජිතපුර ප‍්‍රදේශයේ

පදිංචිව සිටි ටී.බී. විජේතුංග නමැති තැනැත්තෙකු මෙසේ මිය ගොස් ඇත. මේ අනුව එම වැඩසටහනට සහභාගි වී සිටියදී රෝගාතුරව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔහු ඉකුත් 07 වැනිදා පෙරවරුවේ සිට අදාළ වැඩසටහනට සහභාගි වී පැවති දැඩි හිරු රශ්මිය මධ්‍යයේ මධ්‍ය විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ රැුඳී සිටියදී හිරු රශ්මිය දරාගත නොහැකිව හදිසියේ රෝගාතුරවී ඇත.

අනතුරුව ප‍්‍රතිකාර සඳහා හොරොව්පොතාන ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 18 වාට්ටුවේ වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත.

අදාළ වැඩසටහනට සහභාගි වී සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අනිකුත් රෝගීන් දොළොස් දෙනා මේ වනවිට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

 පර්සි කුරුනේරු, ඡායාරූපය කැකිරාව සුදත් ඒකනායක