https://www.gossiplankanews.com/2019/09/beijing-new-air-port-opens.html
 චීනයේ බීජිං නුවරදී ඉදි කෙරුණු  Beijing Daxing International ගුවන් තොටුපොළ පෙරේදා (25දා) දිනයේදී චීන ජනාධිපති ෂී ජින්පිං අතින් විවෘත කෙරිණි. පසැගිල්ලකුගේ (ස්ටාර්ෆිෂ්) හැඩය ගත් මෙම ගුවන් තොටුපොළ වර්ග මීටර් 700,000ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති අතර ලෝකයේ විශාලතම ගුවන් තොටුපළ ලෙස
ඉතිහාසගතවනු ඇත.
වඩාත් නවීන අංගෝපංගවලින් සමත්විත මෙම නව ගුවන් තොටුපළ විවෘතවීමෙන් පසු මෙතෙක් මෙහෙයුම් සිදුකළ පැරණි බිජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙනුවට භාවිත වනු ඇත.

 මෙය අනාගතයේදී ලොව වඩාත්ම කාර්යබහුල ගුවන් තොටුපොළ බවට පත් වනු ඇතැයි චීන ජනාධිපතිවරයා මෙම විවෘත කිරිමේදී පවසා සිටියේය.

චීනය කම්යුනිස්ට් පාලනයකට පත්විමේ 7O වැනි සංවත්සරයට සමගාමීව මෙම ගුවන් තොටුපොළ විවෘත කිරීමත් විශේෂත්වයක් ගෙන තිබේ.
 මෙම ගුවන් තොටුපොළ සතුව ගුවන් ධාවන පථ අටක් පවතී. ඉරාක බ්‍රිතාන්‍ය ජාතික ගෘහනිර්මාණ ශිල්පී සහා හාඩිඩි මෙම ගුවන් තොටුපොළේ ගෘහනිර්මාණ ශිල්පියාය.
ගුවන් තොටුපොළ හරහා වසරකට ගුවන් මගීන් මිලියන 100කට අධික පිරිසකට පහසුකම් සැලසිය හැකි බව පැවසෙයි. කෙසේ වෙතත්, මෙම ගුවන් තොටුපොළ එහි උපරීම ශක්‍යතාවයෙන් ක්‍රියාත්මකවීම වසර 2040 පටන් සිදු කිරීමට සැලුසුම් කෙරී තිබේ. මෙම විවෘත කිරීමත් සමග වීදේශීය සහ දේශීය ගුවන් සේවා රැසක් නව ගුවන් තොටුපොළ වෙත සිය මෙහයුම් විතැන් කිරීමට පියවර ගෙන ඇත. මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කර  ඇති මුදල එක්සත් ජනපද ඩොලර් බිළියන 17.5කි.