තරුණියකගෙන් මාස කිහිපයක් තිස්සේ ඉල්ලූ ආලය නොලැබුණයි කනස්සල්වලට පත් තරුණයෙක් දින ගණනාවක් නිරාහාරව සිටියදී ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට මට සිද්ධිය මෙසේය.
පෙරේදා (25දා) රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයගේ වයස අවුරුදු 22කි. තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන එකී තරුණයා අධ්‍යාපන සුදුසුකම්වලට අනුව මේ වන විට රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවෙස් පසුවෙමින් සිටියි. එකී තරුණයාගේ
පියා විදේශ රටක රැකියාවක් කරන අතර මව දරුවන් තිදෙනා රැකබලාගෙන නිවෙනසේ පසුවමින් සිටියි.

මෙම තරුණයා මාස ගණනාවක සිට කෑගල්ල නගරයේ අමතර ඉංග්‍රීසි පස්තියකට යන එන සුරුපී 21 හැවිරිදි තරුණියකට පන්තියට සහභාගි වූ මුල් අවස්ථාවේදී සිටම සිතින් පෙම් කර ඇති බව වාර්තා වෙයි. තරුණිය පන්තියට පැමිණි අවස්ථාවේ සිටම පන්තිය අවසන් වනතුරුම තරුණයා තරුණිය දිහා බලා සිටිනවා මිස අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදුකර ගැනීමට උත්සාහ දරා නැත.

දිනක් පන්ති අවසන් වීමෙන් පසුව තරුණිය බස් නැවතුම්පොළ වෙත පා ගමනින් ගමන් කරන අවස්ථාවේදී තරුණිය ළඟට දිව ගොස් නංගී මම ඔයව මාස කිහිපයක සිට සිතින් ආදරය කරනවා. ඔයා ඒකටමොකද කියන්නේ යනුවෙන් විමසීමක් කළේය. තරුණිය පසුව තරුණයාගේ මුණ දෙස බලා “මට Boy කෙනෙක් ඉන්නවා' යනුවෙන් ප්‍රකාශ කරමින් ගස්සාගන විගස නැවතුම්පොළ වෙතට දිව ගියාය. තරුණයාද එදා වේදනාවන් සිය නිවස වෙත ගිය බව වාර්තා වෙයි.

තරුණිය එසේ තරුණයාට ප්‍රකාශ කළද තරුණයා අබමල් රේණුවකවත් තරමින් ඇයට ඇති ආදරය අඩුවක් කළේ නැත. පසුගිය 19 වැනිදා පංතියට පැමිණි තරුණයා පංතිය අවසන් වී යන අවස්ථාවේදී තරුණිය අසලට ගොස් "නංගී සමාවෙන්න ඔයාට Boy කෙනෙක් හිටියට කමක් නෑ. නමුත් තාම මැරි කරලා නෑනේ. මමත් ඔයාට ගොඩක් ආදරෙයි' යනුවෙන් පැවසීය. තරුණිය එදිනද ගස්සාගෙන කේන්තියෙන් දිව ගියාය.

එදින තරුණියගේ සතුටුදායක පිළිතුරක් නොලැබුණු තරුණයා සිතේ වේදනාවෙන් නිවෙසට පැමිණ තිබිණි. දින කිහිපයක් තරුණයා නිරාහාරව සිටින අවස්ථාවේදී මව තරුණයාගෙන් කෑම කන්නේ නැත්තේ ඇයිදැයි විමසුවාය. කිසිම පිළිතුරක් ලබා නොදුන් තරුණයා පෙරේදා25 නිරාභාරව සිටියදී ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

දමුණුපොළ - චමින්ද ජයලත්