ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ ජයග්‍රහණය සඳහා
කැපවීමට ශ්‍රීලනිපය සුදානම් බව
පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම සඳහන් කරයි. එළැඹෙන 30 පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳ අවසන් තීන්දුවට එළැඹෙන බවද ගාල්ලේදී පැවැති රැස්වීමකදී මන්ත්‍රිවරයා ඊයේ සඳහන් කළේය.
තීන්දුවෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග අවබෝධතා ගිසුමකට එළෑඹන බවද මන්ත්‍රීවරයා කීවේය. එජාපයෙන් කවුරු ජනාධිපති අපේක්‍ෂකයා
වුවත් ජයග්‍රහණය කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවද ඔහු සඳහන් කළේය.

ජයසූරී උඩුකුඹුර