https://www.gossiplankanews.com/2019/09/bad-weather.html#more
දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට මිලි මීටර 100- 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් මංසන්ධිය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී
ඇති බව පොලිසිය දන්වා ඇත.
මේ හේතුවෙන් අධික රථවාහන තදබදයක් හටගෙන තිබේ.
එමෙන්ම බර වාහන හැර සෙසු වාහන වලට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමට අපහසු තත්ත්වයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.
 තද වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.

ඒම නිසා එම ප්‍රදේශ වලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර තිබෙනවා.ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට මෙලෙස අනතුරු ඇගවීම් තිබෙන අතර ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අධික වැසි හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙන අතර මාර්ග බොහොමයක්ද මෙලෙස ජලයෙන් යට වී තිබෙනවා.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (15) රාත්‍රියේ සිට පතිත වන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන – නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගස් 02ක් සහ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.
ප්‍රධාන මර්ගයට කඩා වැටුණු විශාල ගස් දෙක සහ පස් කන්ද ඉවත් කිරිමේ කටයුතු නෝටන්බ්‍රිජ් පොලිසිය සහ නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.