දක්ෂිණ අධිවේගී මාර්ගයේ  කහතුඩුව වෙනිවැල්කොල කිලෝමීටර් හයයි දශම අට (6.8) ප්‍රදේශයේදී ඊයේ (15) සවස වාහන හයක් එකිනෙක ගැටි තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථ වාහන අංශය  කියයි. අනතුරින් දෙදෙනෙකු  තුවාල ලැබූ බව පොලිසිය කියයි..

මාතර සිට කොළඹ බලා  ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් කැබ් රථයක් සහ මෝටර් රථ තුනක් මෙලෙස  ගැටී ඇතැයි පොලිසිය කියයි. ඉදිරියෙන් ගමන් ගත්  සංචාරක බස් රථයක් කිසියම් හෝ වාහනයකට තිරිංග තද කිරීමත් සමග  කැබ් රථය බස් රථයේ පිටුපස ගැටී ඇති අතර
ඒ සමග මාතර සිට කොට්ටාව මාකුඹුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගි බස් කැබ් රථයේ පිටුපසින් ගැටී ඇතැයි පොලිසිය කියයි.

ඒ සමගම එම දිශාවටම ගමන් මෝටර් රථය කැබ් රථයේ පිටුපස ගැටී ඇතැයි පොලිසිය කියයි. එම වාහන හතර එකිනෙක ගැටීමත් සමගම එම දිශාවටම ගමන් ගත් මෝටර් රථ දෙකක් ඒ අසලම මෙලෙස එකිනෙක ගැටී ඇතැයි පොලිසිය කියයි. සිදුවූ අනතුරින් බස් රථයට හා කැබ් රථයට මැදි වූ මෝටර් රථයේ පිටුපස ගමන් ගත් තරුණියක් හා තරුණයෙක් හා කැබ් රථයේ රියදුරු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට හා වෑතර දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම අනතුරු වැල හේතුවෙන් අනතුර සිදුවූ ස්ථානයේ සිට මාතර සිට කොළඹ දෙසට කිලෝ මීටර් දෙකක දිගු වාහන පෝලිමක් දක්නට ලැබුණු අතර කහතුඩුව- ගැලනිගම අධිවේගී රථ වාහන පොලිසියේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් හා මර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් මහ වැසි නොතකා වාහන තදබදය මග හැරවීම සඳහා අනතුරු සිදුවූ වාහන එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කරන අයුරු දක්නට ලැබිණි. මාතර සිට මාකුඹුර දක්වා බස් රථයේ ගමන් කළ මගීන් වෙනත් බස් රථයක නංවා පිටත් කර හැරවීමට පියවර ගත්  බව පොලිසිය කියයි.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-