https://www.gossiplankanews.com/2019/09/ambalangoda-accident-after-story.html
ම්බලන්ගොඩ කන්දේගොඩ තොටවත්ත දුම්රිය හරස් මාර්ගයේදී පසුගිය 12 වනදා සවස වෑන් රථයක් අලුත්ගම සිට ගාල්ල දක්වා ගමන්ගත් දුම්රියක ගැටීමෙන් මවක සහ ඇගේ පුතා මිය යාමේ සිද්ධියක් වාර්තාවී තිබුණි.සිද්ධියෙන් එම අයගේ ඥාතීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබුණි.
අනතුරින් මියගිය මව පුතා පදිංචි
වතුගෙදර කුරුදුව නිවස සිද්ධිය වූ දින (12) රාත්‍රියේම සොරුන් බිද ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි. අනතුරින් මිය ගිය මව සහ පුතා පමණක් මේ නිවසේ පදිංචිව සිට ඇතැයි පැවසෙන අතර මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විදෙස් රටක

සේවය කරන බවද වාර්තාවී තිබුණි.

මිය ගිය මව සහ පුතා නිවස වසා දමා රාගම ඥාති නිවසකට යන අතරතුරදී මේ අනතුරට ලක්වූ අවස්ථාවේදී නිවසේ කිසිවකුත් සිට නැති බව දැනගෙන නිවසටම සොරුන් ඇතුලු වී ඇති බවද පොලිසිය කියයි..

මිය ගිය මව සහ පුතාගේ මළ සිරුරු ඔවුනගේ නිවසේ තැන්පත් කිරීමට ඥාතීන් නිවස අස්පස් කිරීමට සිද්ධිය දින රාත්‍රියේදී ගිය අවස්ථාවේ මේ නිවස අල්මරෙි ලාච්චු මේස ලාච්චු ආදිය අවුස්සා එළියට දමා තිබූ බව දැකීමෙන් පසු ඥාතීන් ට මේ ගැන සැකය පළවී ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දී තිබුණි.

මේ නිවසින් මුදල් හා රන් භාණ්ඩ පැහැරගෙන ඇතත් ඒවායේ වටිනාකම කොපමණද යන්න දන්නේ මිය ගිය මව පුතා පමණක් බව පොලිසිය පවසයි.
අනවසරයෙන් ඇතුළුවූ අය සෙවීමටද පරීක්ෂණයක් අරඹා ඇත.
සිද්ධියෙන් මියගොස් තිබුනේ අම්බලන්ගොඩ වතුගෙදර පදිංචි නයනා කුමුදුනී නම් 50 හැවිරිදි තැනැත්තියක සහ තනුජ උදාර නමැති ඇගේ  23 හැවිරිදි  පුතාය.