https://www.gossiplankanews.com/2019/08/wennappuwa-dulakshi-video-fernando.html
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුව එජාප ප්‍රාදේශිය සභා මන්ත්‍රීනිය සහ එක් නැගණියක ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කරන්නටත් ඇය සමග සිටි තවත් නැගණියක ඇප මත නිදහස් කරන්නටත් අද අධිකරණය තීරණය කරන ලදි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්
සැකකාරිය වර්ණකුලසූරිය දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු නම් වන වයස අවුරුදු 21වන මන්ත්‍රීනියයි.  අංක 32, තුමෝදර, උතුරු සිරිගම්පල, වෙන්නප්පුව යන ලිපිනයේ පදිංචිව සිටී.
ඇයගේ නැගනියක හෙල්මට් රහිතව මෝටර්

සයිකලයක ගමන් ගනිද්දී පොලිසිය කළ පරීක්ෂාවට
 ලක්වෙද්දී හෙල්මට් නැතිවීම අධික වේගයෙන් ධාවනය කිරීම රියදුරු බලපත්‍ර හා අනෙකුත් බලපත්‍ර නැතිවීම යන වරදවලට හසුව ඇති අතර
මන්ත්‍රීවරියක් වූ සහෝදරිය, තවත් සහෝදරියක් හා පියා එතැනට පැමිණ
තර්ජනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීම නිසා මන්ත්‍රීවරිය සහ නැගණියක අත්අඩංගුවට පත්විය.අනෙක් නැගණිය හා පියා පලාගොස් තිබුණි.
මේ අය අද දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
දුලක්ෂි මන්ත්‍රීවරිය හා වරෙන්තු නිකුත් වී සිටි වර්ණකුලසූරිය සුපුණි දුලාංජනී ප්‍රනාන්දු යන එක් නැගණියක 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මාරවිල පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද නිමාෂා නවංජලී ප්‍රනාන්දු (16) හා මන්ත්‍රීවරියගේ පියා සමන් අශෝක් කුමාර් ප්‍රනාන්දු ඇප මත නිදහස් විය.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
හෙල්මට් නැතිව අපිට යන්න පුළුවන් කී එජාප මන්ත්‍රීනිය නැගණිය සමග අත්අඩංගුවට