වවුනියාව මරලතෝඩි කාන්චනමොටෙයි  ප්‍රදේශයේදී තරුණියක පැහැරගෙන යමින්  සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේ ද සහය ඇතිව පෙරේදා (19) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම්

පොලිසිය පවසයි.  මීට අවුරුදු 3 කට පමණ පෙර අදාළ තරුණිය ඇතුළු පිරිස කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිටි කාන්චිනමොටෙයි ප්‍රදේශයේ නැවත පදිංචි වී ඇති අතර පෙරේදා (19) රාත්‍රියේ එකවරම වෑන් රථයකින් හා ත්‍රීරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් තරුණිය පැහැරගෙන යාමට
උත්සහ දරා ඈත.

වයස අවුරුදු 17 ක් වූ තරුණිය පැහැරගෙන වෑන් රථයට දමාගත් සැකකරුන් වෑන්රථය ධාවනය කරමින් සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මකවි වෑන් රථය ලුහු බඳිමින් ඒ බව පුලියන්කුලම් පොලිසියට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ පුලියන්කුලම් පොලිසිය වෑන් රථය හා ත්‍රීරෝද රථ දෙකත් සමග එහි සිටි සැකකරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

එහිදී සැකකරුවන්ට හා වාහනවලට ප්‍රදේශවාසීන් පහරදීමට උත්සහ දරා ඇති අතර පුලියන්කුලම් පොලිසිය තත්වය පාලනය කොට ඇති අතරම සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී දැඩි ලෙස මත්පැන් පානය කර සිට ඇත. තරුණිය පැහැර ගැනීම සිදු කළ අයගෙන් ප්‍රධාන සැකකරු අදාළ තරුණියගේ නිවස සෑදූ මේසන්බාස් බවට හඳුනාගෙන ඇති අතරම සැකකරුවන් වවුනියාවේ මරඳන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුන් බවට පුලියන්කුලම් පොලිසිය පැවසීය.

-රොමේෂ් මධුසංඛ-