https://www.gossiplankanews.com/2019/08/volga-kalpani-speaks.html
ටෙලි නාට්‍ය ශිල්පීන්ගේ ආදර හුටපට ගැන විවිධ ආරංචි වරින්වර වාර්තා වෙනවා. මේවා අතරින් සතිඅන්ත පුවත්පත්වල ටැබ්ලොයිඩ් අතිරේකවලට කාලයක් තිස්සේ මාතෘකා සැපයූ දෙදෙනෙකු වූයේ ටෙලිනාට්‍ය නළු-නිළි දෙපළක් වන හර්ෂණ හා වොල්ගාය. ඔවුන් දෙදෙනා ටෙලිනාට්‍ය රංගනය අතරතුර ආදර සම්බන්ධයක් ගොඩනගාගත් තැන සිට
එම විවාහය දක්වා තොරතුරු
මේවායේ රසවත් ලෙස පළවුණා. නමුත් වසරක් දෙකක් යන්නට පෙර දැන් වාර්තාවන්නේ එම දෙදෙන වෙන්වී ඇති බවයි. හර්ෂණ හා වොල්ගා නීතියෙන් වෙන්වී මේ වනවිට වසරක්ද ගතවූ පසු මේ ගැන එම දෙදෙනාම පුවත්පත්වලට දැන් විස්තර කර තිබේ.
ටෙලි නිළි වොල්ගා කල්පණී ඇගේ වෙන්වීම ගැන ඇසූ ප්‍රශ්න වලට උත්තර දී තිබෙන්නේ මෙසේය.

ඔබගේ විවාහ දිවිය බිඳ වැටීම ගැන විවිධ මත පළවෙනවා නේද?

ඔව්. මම ඔය ප්‍රශ්නය ගැන කතා කරද්දී මම කියන්න කැමැති මම දික්කසාද වෙලා කියන දේ විතරයි. එතනින් එහාට ආශිර්වාද කරපු හැමෝටම ගොඩක් ස්තුතියි සහ සමාවෙන්න කියන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ ඒකට. ඒක කර ගන්න බැරි වුණා. ඒක එහෙම වුණා.

ඉදිරියේදී තනිකඩවම ජීවත් වෙනවාද?


තාම හිතුවේ නැහැ ඇත්තටම. හැබැයි මම කියන්නෙ ඕනේ ජීවිතේ කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නැහැ. මම දන්නේ ජීවිතේ කියන්නේ ලියවිලා තියන දෙයට මුහුණ දෙන එක කියලයි. මොකක් හරි දෙයක් ලියැවිලා තියනවා නම් ඒ දෙයට මම මුහුණ දෙයි.

ඒ කියන්නේ ජිවිතේ සැලැස්මක් ඇතුව ජීවත් වෙන්න බැහැ කියන එකද?
මම කතා කළේ දෛවය ගැනයි. දෛවයේ සමහර තැන් තියෙනවා අපි කොච්චර උත්සහ කළත් බැරී වෙන දේවල් සහ බැරි වෙච්ච දේවල්. ඒ වගේ බැරි වෙච්ච දෙයක් තමයි මම පහුගිය කාලේ පසු කළේ. ඉතින් සමහර දේවල් තියෙනවා ජීවිතේ දෛවයේ තියෙන දේවල් වෙනස් කරන්න බැහැ. අපි ඒකට මුහුණ දෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. ජීවිතේ අපිට මේ ලැබිලා තියෙන දේ අපි බාර ගන්න ඕනා. ඒක තමයි ජීවිතය.

සංවාදය - ඩිලාන් ක්‍රිෂාන්ත