නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදුකරන ලද ප්‍රමාදකිරීම් නිසාත් ඇස්තමේන්තුගත
ඇස්තමේන්තු අනුව 2018 අගෝස්තු 30 වන විට රුපියල් මිලියන 5,475 ක පමණ ආදායමක් රජයට අහිමිවී තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සමිබන්ධයෙන් කළ විශේෂ විගණන පරික්ෂණයකින් පසු නිගමනය කර ඇත.
නෙළුම් කුලුනේ කොන්ත්‍රාත් කාලය දීර්ඝවීම සහ ණය මුදල සීමාවීම මත ණය මුදල සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එක්සිම් බැංකුවට ගෙවනු ලැබ තිබූ අමතර එකඟතා ගාස්තු ප්‍රමාණය වන රුපියල් 14.14,87,103ක පමණ මුදල (අනාර්ථික) ගනුදෙනුවක් වී ඇති බවද විඝණකාධිපති දෙපාර්තමේන්තුව නිගමනය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම පිළිබඳ කළ විගණයකින් පසු විශේෂ විගණන වාර්තාව නිකුත් කරමින් විගණකාධිපති දෙපාර්තමේත්තුව මේ බව සඳහන් කර තිබේ.
2012 නොවැම්බර් 12 දින ආරම්භ කරන ලද නෙළුම් කුලුන ඉදිකිරිමේ ව්‍යාපෘතිය දින 912කින්
අවසන්වීමට නියමිතව තිබුණ ද 2013 දෙසැමිබර් 31 වන විටත් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබුණු බව විගණකාධිපති  දෙපාර්තමේන්තුව කියයි. මෙම ව්‍යාපෘතියට අදාළව විධිමත් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් පිළියෙලකර නොතිබුණු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබේ.
අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සහ අවබෝධතා ගිවිසුම අනුව අදාළ ඉඩම පැවරීමක් කර නොතිබූ බව නිරික්ෂණය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම ව්‍යපෘතිය මෙහි උපදේශන ගාස්තු ලෙස මොරටු විශ්වවිද්‍යාලයට ගෙවිමට එකගව තිබූ රුපියල් 198.691,500 න් රුපියල් 150,000,000 ගෙවා තිබුණ ද ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති බව ද සඳහන් කරයි.
ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු වශයෙන් වාරික 12ක් ගෙවීමෙන් පසු එම ගෙවිම් අහිටුවා ගිවිසුම් කොන්දේසි වලට පරිබාහිරව කොන්ත්‍රාත් අධීක්ෂණය වෙනුවෙන් යැයි සඳහන් කරමින් 2015 නොවැම්බර් මස සිට මසකට රුපියල් 3,000,000 බැගින් ගෙවමින් පවතින බවත්, එසේ ගෙවීමට හේතුව මනා අධීක්ෂණයකින් තොරව ඉදිකිරීම් සිදුකිරීමට ඉඩහැරීමෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීම බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම්දුන් බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.
නෙළුම් කුලුන ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් නීතීපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිරීක්ෂණයන් අනුව එම හිවිසුම සංශෝධනය කර නොතිබුණ බවද විගණන වාර්ථාවේ දක්වා ඇත.
කොන්ත්‍රාත් කාලය අවසන්වීමෙන් පසු 2015 අගෝස්තු 28 දිනැති විදුලි සංදේශ කොමිෂන් සභා තීරණයක් අනුව කොන්ත්‍රාත් කාලය 2017 අගෝස්තු දක්වා දීර්ඝකර තිබුණ ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණු බවත්, 2018 ජුනි 30 වන විටත් නෙළුම් කුලුන ඉදිකිරීම් අවසන්වී නොතිබුණ ද කොන්ත්‍රාත් කාලය දීර්ඝකර නොතිබුණ බවත්,
ඒ සම්බන්ධ නිර්දේශයක් ව්‍යපෘති උපදේශන ඒකකයෙන් ඉදිරිපත් කර නැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දන්වා ඇති බවත් විගණකාධිපති දෙපාර්තාමේන්තුව සඳහන් කරයි.
නෙළුම් කුලුන සියලු විදුලි සෝපාන සහ තරප්පු සවිකිරීම 2017 සැප්තැමිබර් 30 වන විට අවසන් කළ යුතු වුවත් 2018 මැයි 11 වන විටත් එය අවසන් කර නොතිබූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය කර තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ව්‍යාපෘතයේ අධ්‍යක්ෂවරයකු සහ සංවර්ධන නිලධාරියකු පිළිවෙළින් රුපියල් 3,320,000ක සහ රුපියල් 2,185,000ක මුදල් මොරටුව විශ්වවිද්‍යාලයේ උපදේශන ඒකකයෙන් ලබාගෙන ඇති බව නිරික්ෂණය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව එය ආචාරධර්මානුකූල නොවන බව සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අදාළ නිලධාරින්ට එරෙහිව විනයානුකූලව පියවර ගත යුතු බව එම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.
නෙළුම් කුලුන ව්‍යාපෘතිය සිදුකරන කාර්යමණ්ඩලයේ නිලධාරින් පස් දෙනෙකු සඳහා 2013 ජනවාරි පළමුවැනිදා  සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලයේ කමිටු දිමනා ලෙස චක්‍රලේඛ විධිවිධානවලට පිටින් රුපියල් 10.920,000ක් ගෙවා ඇතැයි නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තූව කළමනාකරණ සේවා චක්‍රලේඛවලට අනුගත නොවී කළ එම ගෙවිම් යළි එම නිලධාරීන්ගෙන් අයකර ගන්නා ලෙස ද නිර්දේශ කර ඇත.
විදුලි සංදේශ පනත අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සමාගමික් පිහිටුවීම සඳහා බලතල නොමැති වුවද සමාගමක් ස්ථානය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තූව සදහන් කරයි. කොළඹ නෙළුම් කුලුන දේපළ කළමනාකරණ සමාගමකට බදුදීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර තිබුණ ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබූ බව නිරීක්ෂණය කර ඇති විගණකාධිපතිට දෙපාර්තමේන්තුව තම නිර්දේශ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ නෙළුම් කුලුන වාණිජකරණය කිරිමට ප්‍රථම ණය වාරික සහ ණය ගැනුමි පිරිවැය ඇතුළත් වන පරිදි නිවැරැදි ආදාම් පුරෝකථනයක් සිදු කළ යුතු බවයි.
- තරිඳු ජයවර්ධන