https://www.gossiplankanews.com/2019/08/underworld-gang-survay.html
දැනට ලංකාවේ සක්‍රීයව පවතින හා මෑතක අඩාලවී ගිය පාතාල කල්ලි පිලිබඳ පොලිස් මූලස්ථානය සිදුකළ සංගණනයක ප්‍රතිඵල දැන් නිකුත්ව තිබේ.
හඳුනාගෙන ඇති ආකාරයට මේ වන විට මෙරට සක්‍රීය මට්ටමේ ඇති ප්‍රධාන පාතාල කල්ලි ගණන 24 කි. ඊට අමතරව අනු කල්ලි 50කට වැඩි ප්‍රමාණයක්ද තිබේ. ඒ සියලු කල්ලි ඇත්තේ ප්‍රධාන කල්ලි නායකයන් යටතේය.එම කල්ලි 24න් කල්ලි 18ක්ම ඇත්තේ කොළඹ හා ඒ අවට
තදාසන්න නගර ආශ්‍රිතවය. දකුණේ ඇත්තේ කල්ලි දෙක තුනක් පමණි.
බලවත්ම පාතාල කල්ලි ලෙස සැලකෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ සහ කොස්ගොඩ සුජීගේ කල්ලි දෙකය. කොස්ගොඩ සුජී සිය කල්ලිය පාලනය කරන්නේ ඩුබායි සිටය. ඔහුගේ කල්ලියේ එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවෝ පවා සිටියහ. වැඩිම බලයක් ඇත්තේ එම කල්ලි දෙකටය. කොළඹ පාතාලය පවා එම කල්ලි දෙකට හිස නමන තත්වයකට දැන් පත් වී හමාරය. බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තෙන්නකෝන් ඝාතනය පිටුපස සිටින පොඩි ලැසී මෙන්ම කරන්දෙණියේ සුද්දා ද කොස්ගොඩ සුජීගේ අනු කල්ලියක ප්‍රබලයෝය.

 දැනට වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින්නේ
කොස්ගොඩ සුජීගේත් මාකදුරේ මධුෂ්ගේත් කල්ලි දෙකටය. ඔවුන්ගේ සාමාජික ගණන සියයකට වැඩි මිස අඩු නැත. වැඩි දෙනෙක් හමුදාවලින් පලා ඇවිත් සිටින සෙබළුය. මේ කල්ලි දෙකට සම්බන්ධ තිහ හතලිහකට වඩා සිටින්නේ හිරේය.


ඒ අතර කොස්ගොඩ තාරකද සිටී. කලක් කොස්ගොඩ සුජීගේ රැකවරණයේ සිටි ඔහු දැන් මාකඳුරේ මධුගේ ගෝලයෙකි. මාතර නිලේකා ජුවලරි කොල්ලය වැරදුණු ඔහු දැන් සිටින්නේ බන්ධනාගාරගත වය, කොස්ගොඩ සුජී සැලකෙන්නේ මාකඳුරේ මධුන්ගේ පාතාල ජාලයේ පුරුකක් ලෙසිනි. කොස්ගොඩ සුජී සහ මාකඳුරේ මධුෂ් හැරුණු කොට දකුණේ පාතාල ජාලය පෝෂණය කරන තවත් කිහිප දෙනෙක් විදෙස් ගතව සිටිති. කොස්ගොඩ සුජීලා සහ මාකඳුරේ මධුල්ලා බිහි වීමට පෙර දකුණ මෙන්ම
කොළඹද හොල්ලාගෙන සිටි එස්.ටී.එෆ් නදුන් සිටින්නේ ඉතාලියේය. නඳුන්, කොස්ගොඩ සුජීගේ ඥාතියෙකි. කොගොඩ සුජී පාතාලයේ අතපොත් තබන්නේ නඳුන්ගෙනි. අද වන විට නදුන් පරයා බලවත්ව සිටින්නේ සුජීය.
ජම්බුගස්මුලේදී පසුගිය දා වෙඩි තබා අවන්හල් ව්‍යාපාරිකයෙකු ඝාතනය කළ බබීද සුජීගේ ගෝලයෙකි. ජම්බුගස්මුල්ලේ ඝාතන යෙන් බබී මෙරටින් පළා යන්නේ සුජීන්ගේ තුරු ලටය. දකුණ හොල්ලාගෙන සිටි තවත් පාතාල අපරාධකරුවෙකු වන රත්ගම විදුර සිටින්නේද | ඉතාලියේය. ඔහු මෙම නදුන්ද දැන් නිහඬ ය. එසේම කෙසෙල්වත්ත කේන්ද්‍ර කරගනිමින් කොළඹ පාතාලයේ වැඩ පෙන්නන දිනුක සිටී
නේන්ද රටින් පිටය.

ඒ ඩුබායි රටේය. රත්මලාන පැත්තේ පාතාලයේ වැඩපෙන්නු ගොනා කෝවිලේ ශාත්තද දැන් සිටින්නේ රටින් පිටය. ඒ ජපානයේය. ගොනාකෝවිලේ තවත් වැඩිඩෙකු වන අංජු සිටින්නේ ඩුබායිහිය. ඔහුගේ ප්‍රතිවාදියා ගොනාකෝවිලේ රොහාය. ඔහු සිටින්නේ මැගසින් බන්ධනාගාරයේය. අංජු පිට රට සිටිමින් වරක් උත්සහයක නිරතවුනේ
මාධුෂ් රොහාව ගල්කිස්ස අධිකරනයේදී ඝාතනය කරන්නටය. එම ප්‍රයත්නය වැළකෙන්නේ ගිනි අවි දෙක හමු වීම නිසාය. තවත් වරක් ඔහු රොහාව ඝාතනය කරන්නට සැලසුම් කරන්නේ මැගසින් බන්ධනාගාරය තුළදී රොහාට සයනයිඩ් විෂ එන්නත් කරය. ඒ සඳහා ඔහු මුදල් ගෙවා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි කුලි සාතකයෙකුද සුදානම්කර ගත් නමුත් එම සැලසුම ව්‍යාර්ථ වන්නේ සයනයිඩ් කුප්පිය සමඟ එන්නත් කටුව බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගනු ලැබු බැවිනි.
එසේ නොවන්නට රොහා යැයි කියා පාතාල අපරාධකරුවෙකු පොලිස් සංගණනයට හසු වන්නේ නැත.

අංගොඩ ලොක්කාගේ කල්ලියද මේ වනවිට බලවත් කල්ලියක් බවට පත්ව හමාරය. අංගොඩ ලොක්කාට පාතාලයේ තැනක් ලැබෙන්නේ කළුතර බන්ධනාගාර බස් රථයට එල්ලකළ ප්‍රහාරයෙන් පසුවය. සමයං ඔහුන්ගේ ප්‍රතිවාදියාය. සමයංගේ ඝාතනයත් සමග අංගොඩ ලොක්කා සිය සගයා වන ලඩියා සමග ඉන්දියාවට පැන යන්නේ අරක්ෂාවටය. දැන් ඔහු සිය කල්ලිය හසුරුවන්නේ ඉන්දියාවේ සිටය. මර්දනය කළ යුතු පාතාල ලැයිස්තුවේ ඉහළින්ම ලියැවී ඇති නම් අතරද අංගොඩ ලොක්කාගේ නම ඇත්තේ ඉහළින්මය.

ජම්පටා වීදියේ කුඩු සෙල්සිගේ දරුවන්ද දැන් සිටිනුයේ ලොක්කා සමඟය. ඒ සිය මව ඝාත නය කළේ පූකුඩු කනාගෙන් සහ බුම්මාගෙන් පළිගන්නටය. බුම්මා පුනරුත්ථාපනය වූ එල්. ටී.ටී.ඊ. සාමාජිකයෙකි. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආරක්ෂාවට යොදවා සිටි චාල්ස් ඇන්තනී බළකායේ දක්ෂ වෙඩිකරුවෙකු වූ බුම්මා පාතාලයේ අතපොත් තබන්නේ කොස්ගොඩ සුජීගෙනි. බුම්මාටත් පුකුඩිකන්නාටත් ගැටුම් ඇත්තේ සෙල්සිගේ පුතුන් සමගිනි. එම ගැටුම්වලට මුල මත්කුඩු ජාවාරමය. එම ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙසින් පූකුඩිත්තාගේ පියාද මෑතකදී ඝාතනය විය. දෙපැත්තේ ගැටුම්වලින් හය හත් දෙනෙකුම
මේ වන විට පරලොව ගොස් හමාරය. ඒ අතර බුම්මා කොන්ත්‍රාත් ඝාතනවලද නිරතව සිටින බව සඳහන්ය. කොළඹ මහා නගර සභාන්වේ මන්ත්‍රීවරයෙකු පවා ඔහු ඝාතනය කරනු ලැබුවේ කොන්ත්‍රාත්තුවකට අනුවය.

බුම්මාත් පුකුඩිකන්නාත් මිනිස් ඝාතනවල නිරතව සිටින්නේත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටියත් නේත් මෙරටත් ඉන්දියාවේත් වරින්වර රැදී
සිටිමිනි. ඔවුන් ඉන්දියාවට යන්නේ බෝට්ටුවලිනි. මේ වන විට මෙරට සිටින පාතාල අපරාධකරුවන්ගෙන් වැඩිම පිරිසක් රැදී සිටින්නේ ඉන්දියාවේය. අංගොඩ ලොක්කා, ලඩියා, හැරුණු කොට කාලයක් තිස්සේම එහි රැඳී සිටින ප්‍රබලතම පාතාල අපරාධකරු වෙකු වන්නේ කිඹුලා - ඇළ ගුණාය.
දෙමටගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳ අතුරුගිරිය පාරේ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරවන්නේද ඔහු ඉන්දියාවේ සිටය. කිඹුලා ඇළ ගුණාගේ කල්ලියේ බොහෝ දෙනෙක් දැන් සිටින්නේ ඉන්දියාවේය. ඒ අය අතර සුරේෂ් මෙන්ම කොට ගාමිණී ද සිටිති. කොට ගාමිණි ඉන්දියාවට පනින්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ සුනිල් මෙන්ඩිස්ව ඝාතනය කරමිනි.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාව සිටියදී ඔහුට කොකා ගස්සනටද කොට ගාමිණි මාන බැලුවේය. දැනගත්තට ඇති ආකාරයට අනුව
කොට ගාමිණි මේ වන විට සිටින්නේ ඉන්දියාවේ හිරේය. ඒ කිඹුලා ඇළ ගුණාට අයත් මත්කුඩු තොගයක් මෙරටට එවීමට සූදානම්
වෙමින් සිටියදී ඔහු ඉන්දියානු මධ්‍යම මන්ද්‍රව්‍ය කාර්යාංශයට හසු වීමෙනි.
පාතාලයේ ගෝඩ්ෆාදර්යවරයෙකු ලෙස වැජඹුණු ප්‍රින්ස් කොලම් නැමැත්තා අබිරහස් ලෙස බලුමැන්ඩල් කුණු කන්ද පාමුලදී වෙඩි කා මිය යෑමත් සමග ඔහුගේ තැන ගන්නේ බලුමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ය.
ඔවුන් දෙදෙනාද මේ වන විට සිටින්නේ ඉන්දියාවේය. බ්ලූමැන්ඩල් සංඛ්‍යාව මෑතකදී තමිල්නාඩු පොලිසියටද හසු වී තිබුණේ වීසා නැතිව එරට රැදී සිටීමේ වරදටය. අංගොඩ ලොක්කා මෙන් දැන් ඔහුද එරට සිටින්නේ වීසා නැතිව නිදහසේය. ඒ එරට අධිකරණයේ පිහිටෙනි.

සංබ මෙන්ම ආමි සතුන්ද මෙරට අපරාධ ගොන්නකට සම්බන්ධකම් කියති. පාතාලයට එරෙහිව පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වූ පසුගිය ආණ්ඩු සමයේදී ඔවුන් දෙදෙනා සිටියේ ඩුබායි හීය. ඔවුන් මෙරටට එන්නේ ආණ්ඩු පෙරළියත් සමගිනි. ඒ පැමිණි ඔවුන් තවත් පාතාලයේ ප්‍රබලයෙකු වන දෙමටගොඩ චමින්දගේ ඉලක්කයක් බවට පත්වන්නේ මහා මැතිවරණ සමයේදී දේශපාලන රැලියක් අතර තුරදීය. කොටහේනේදී ඔවුන් ඉලක්ක කරගෙන පත්තු වන වෙඩි වරුසාවකින් අහිම් වන්නේ අහිංසක ජීවිත දෙකකි.

 ඊට ප්‍රතිප්‍රහාරයක් දෙමටගොඩ චමින්දට එල්ල වන්නේ 2016 වසරේ මාරතු 03 වැනි දාය. ඒ අලුත්කඩේ අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එන බන්ධනාගාර බස් රථයට දෙමටගොඩ ඉංගම් හංදියේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කරමිනි. එම ප්‍රහාරයෙන් දෙමටගොඩ චමින්ද තුවාල ලබා දිවි ගලවාගත්තද භාරත ලක්ෂ්මන් ඝාතනයට ඔහු අද සිටින්නේ මරණීය දන්ඩනයට නියමවූ සිරකරුවෙකු ලෙසිනි. මාකිලංගමුවේ සංජීව බන්ධනාරගත වුනේ දෙමටගොඩ චමින්දට එල්ල කළ ප්‍රහාරයට සැකපිටය.

ආමි සම්පත් සහ බලුමැනන්ඩල් සංඛ වෙනුවෙන් එදා එම ප්‍රහාරය මෙහෙයවන්නේ මාකිලංගමුවේ සංජීවය. ඒ බවහෙළි කරගන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරිගේ විමර්ශනයන්ටය.
පොලිස් සංගණනයට අනුව මේ වන සක්‍රීය මට්ටමින් සිටින එකම මුස්ලිම් පාතාල කල්ලිය වන්නේ කෘජීපානිගේ නායකත්වය යටතේ
ක්‍රියාත්මක වන කල්ලිය පමණි. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ මක්කුඩු ජාවාරමය. කංජීපානි මේ වන විට සිටින්නේ ගංජා නඩුවකට වසර 06 ක සිරදඬුවම් ලබාය. ඔහුද කාලයක් තිස්සේම සිටියේ ඩුබායි හීය. ඒ මාකඳුරේ මධුෂ් සමගිනි. මෙරටට ඔහුට එන්නට සිදු වන්නේ මධුගේ දියණියගේ උපන්දින සාදයේදී ඩුබායි පොලිසියට හසු වූවන් අතර ඔහුද සිටි බැවිනි. මාස පහක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි කංජිපානි අවසානයේදී හිරේට යන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට උපන්දින සාදයක් පවා පවත්වමිනි.

ගයාන් කුමාර වීරසිංහ