https://www.gossiplankanews.com/2019/08/shawendra-us-letter.html#more
යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවට නිවේදනයක් නිකුත්වී තිබේ‍.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ
චෝදනා බරපතල හා විශ්වාසය කඩ කිරීමක් වන බවද එහි සඳහන් කර ඇත.
විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමඟිය සඳහා වන අවශ්‍යතාවය අතිශයයින් වැදගත් වන අවස්ථාවක, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ , යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වු කැපවීම් හැල්ලුවට

ලක් කරන බවද එහි දක්වා තිබේ.

මීට අමතරව The International Truth and Justice Project මගින්ද නිවේදනයක් නිකුත් කර මෙම පත්කිරීම ගැන අප්‍රසාදය පළකර තිබේ. පසුගිය ජනවාරි මාසයේ එම සංවිධානය මගින් ෂවේන්ද්‍රගේ ක්‍රියා කලාපය අළලා පිටු 137 ක වාර්තාවක් ප්‍රකාශයට පත් කළ අතර එහිදී හුවා දක්වා තිබුනේ අවසාන මානුෂීය මෙහෙයුමේදී සිවිල් වැසියන්ට එරෙහි බොහෝ අකටයුතුකම් සිදුකිරීමට ෂවෙන්ද්‍ර ප්‍රමුඛ බලඇණිය පියවරගත් බවකි.
 1989 ජවිපෙ මර්දනය සඳහාද ක්‍රියාකාරී දායකත්වයක් ඔහුට තිබුණ බවත් ඔහු ලබා තිබූ අත්දැකීම් ඇසුරින් මෙම ක්‍රියාවන්ද සිදුකරන ලද බවත් එම වාර්තාවේ දක්වා තිබුණි.
මේ අතර දේශිය ආයතනයක් වන Centre for Policy Alternatives ද අද නිවේදනයක් නිකුත් කරමින් ලුතිනන් ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වාගේ පත්කිරීම ගැන නැවත සලකා බලන්නැයි දන්වා තිබේ.