පාතාල කණ්ඩායම් සමාජික කන්ජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා ඉල්ලා වූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ අනුව එම නිලධාරින්
යාපනය, මුලතිව් හා මන්නාරම යන පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
මාගල්කන්දේ සුදත්ත හිමි වීඩියෝවක් සමග කළ පැමිණිල්ල මත මෙම නිලධාරීන්ට එරෙහිව ගල්කිස්ස පොලිස් කොට්ඨාසය හා පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදු කරන පරීක්ෂණයක් නිමවනතුරු මෙම තිදෙනා මාර කර යවා ඇත.