https://www.gossiplankanews.com/2019/08/shawendra-silva-army-commander.html

යේ අවසන්වූ  ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ යුද හමුදාපති සේවා කාලයෙන් පසු
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට ජනපතිවරයා තීරණය කර තිබේ.
අදාළ පත්වීම අද (19) සිදු කළ බව ජනපති කාර්යාල ආරංචි වාර්තා කරයි.

ශවේන්ද්‍ර මීළඟට මෙම තනතුර සඳහා වඩාත් සුදුසු බවට යෝජනා කරමින් ආරක්ෂක ලේකම්වරයා වෙත හිටපු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ලිපියක්ද යොමු කර තිබූ බව අද උදෑසන වාර්තා විය.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තීමත් ආදි ශිෂ්‍යයෙකු වන ශවෙන්ද්‍ර 1984 මාර්තු මස 5 වන දින යුද්ධ හමුදා සේවය සඳහා ඇතුලත්විය.
තම යුද්ධ හමුදා වෘත්තීය තුළ දෙවන ලුතිතන් නිලයේ සිට මේජර් ජෙනරාල් නිළය දක්වා ඇති ඉතා වැදගත් සහ වගකිවයුතු තනතුරු හොබවා ඇත.  උපදේශකයෙකු වශයෙන්, මාණ්ඩලික නිළධාරීවරයෙකු වශයෙන් මෙන්ම රණකාමීත්වයෙන් යුතු නිළධාරියෙකු වශයෙන් යන ත්‍රිවිධා කාරයෙන්ම නිළධාරියෙකු සතු විය යුතු අද්විතීය ගුණයන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 2010 සිට 2015 දක්වා නිව්යෝක්හී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය ස්ථිර නියෝජිත තනතුර හා තනාපති තනතුර හොබවනු ලැබීය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පාබළ රෙජිමේන්තු නිළධාරියෙකු ලෙස ඛණ්ඩභාර නිළධාරී තනතුරෙ සිට පාබළ සේනාංකයක සේනාංකාධිපති තනතුර දක්වා වගකිව යුතු අණ සහ පාලන තනතුරු රාශියක් හොබවා ඇත. වර්ෂ 1987 එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආරක‍්ෂාව සඳහා ජනාධිපති නිවස්නය වෙත යොදවා තිබු ජනාධිපති ආරක්‍ෂක හමුදා ඒකකයෙහි ප්‍රධානි ලෙසද කටයුතු කරනු ලැබීය. ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරනු ලැබු මානූෂීය මෙහෙයුමේදි අභීත 58 වන සේනාංකය මෙහෙයවනු ලැබූ මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරී 53 සේනාංකය මෙන්ම ගුවන් සංග්‍රාමික බළ සේනාවේ බළසේනාධිපති ලෙසද භටපිරිස් මෙහෙයවා ඇත.

පාබළ බළඇණි තුනක අණදෙන නිළධාරී වශයෙන් ඉතා දුෂ්කර හා තීරනාත්මක සමයන්හීදි පවා විශිෂ්ට අන්දමින් භටපිරිස් මෙහෙයවූ මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරියා, හමුදා ලේකම් කාර්යාලය, සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය, පුහුණු අධ්‍යක‍්‍ෂ මණ්ඩලය හා ආරක්‍ෂක සේනා මූලස්ථානය යාපනය ආදි ස්ථානයන් හි ද ප්‍රධාන මාණ්ඩලික තනතුරු දරමින් රාජකාරී සිදුකරන ලදි. 2009 වර්ෂයේ මානූෂීය මෙහෙයුමේ අවසානයත් සමග යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ වරයා මෙන්ම කමාණ්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිවරයා වශයෙන්ද ඉතා විශාල මෙහෙවරක් සිදු කරන ලදි.

 ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ නිර්භීතත්වය සඳහා ප්‍රධානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම හිමි වු ප්‍රථම දෙවන ලුතිතන් වරයා වශයෙන් යුද්ධ හමුදා ඉතිහාසයෙහි පිටු අතරට එක්වූ එඩිතර නිළධාරියෙක් වූ මෙතුමා ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රාලය, ප්‍රංශය, නෙදර්ලන්තය, ග්‍රීසීය, ඉතාලිය, පකිස්ථානය සහ ඉන්දියාව ආදී විදේශ රටවලදී අති දක්‍ෂ අන්දමින් විවිධාකාර වු ක්‍ෂේත්‍ර පුහුණුවීම් ලබා ඇත.
අද යුද හමුදාපති ධූරය ලබන්නට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි 53 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස යුද්ධ හමුදාවේ දෙවන ප්‍රධානතම තනතුරේ සිටියේද මොහුය.