ලොව විශාලතම දූපත මෙන්ම, ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට තමන් බලාපොරොත්තු වන්නේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කළ ප්‍රකාශයක් ඩෙන්මාර්ක රජයේ විරෝධයට හේත්තු වී තිබේ.
උතුරු අත්ලාන්තික් සහ ආක්ටික් සාගර කලාප මැද පිහිටි ග්‍රීන්ලන්තය හොඳ ආයෝජන අවස්ථාවක් බව ට්‍රම්ප් ඉකුත්
දිනෙක පැවැසිය.  දූපත මිලදී ගැනීමට අවශ්‍ය ක්‍රමවේදය සොයා බලන්නැයි ට්‍රම්ප් සිය ධවල මන්දිර කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති බව ඇමෙරිකාවේ වෝල්ස්ට්‍රිට් ඡර්නල්

පුවත්පත ඉකුත් දා අනාවරණය කළේය. ඇමෙරිකා ඡනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුද්ගලිකව සැලකීමේදීද ඉඩම් මිලට ගන්නා කෝටිපති ව්‍යාපාරිකයකි.

' ඇමෙරිකාව සමඟ අපි යහපත් සබඳතා පවත්වනවා. ඇමරිකා ජනාධිපති ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තයේ ආයෝජන අවස්ථා ඇති කරගන්න පුළුවන්. ව්‍යාපාර ඇතිකර ගන්න පුළුවන්. ඒ සඳහා දොර විවෘතයි. කොහොම වුණත් ග්‍රීන්ලන්තය විකුණන්ත දාලා නැහැ. ඒක ට්‍රම්ප් මහත්මයා තේරුම් ගන්න ඕනෑ යැයි ග්‍රීන්ලන්ත වැසියන් වෙනුවෙන්, දූපතේ විදේශ ඇමැතිනිය ලෙස කටයුතු කරන ඇන්ට
ලෝන් බැගර්  මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ග්‍රීන්ලන්තයේ ජගහනය 56,000 කි. ඔවුන්ගෙන් වැඩිදෙනා ස්වදේශික ඇස්කිමෝ ගෝත්‍රිකයන්ය.