https://www.gossiplankanews.com/2019/08/plastic-flowers-tele-actor.html#more
මෙරට ප්‍රසිද්ධ ටෙලි නළුවකු විසින් බිත්ති කාපට් රැගෙන එන මුවාවෙන් රේගූවට වංචා කොට ගෙනැවිත් තිබූ ප්ලාස්ටික් මල් අඩංගු අඩි 20 බහාලුමකට රුපියල් ලක්ෂ විසිපහක දඩ මුදලක් නියම කර තිබියදී රේගුවේ මධ්‍යම අපහරණ අංශයේ නිලධාරින් පිරිසක්
එම බහාලුම රුපියල් ලක්ෂයකට තක්සේරු කොට විකුණා ඇතැයි ඒ පිළිබඳව රේගු නිවාරණ අංශය කරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

ප්ලාස්ටික් මල් කිලෝ එකක් සඳහා රේගු තීරු බදුවලට අමතරව සෙස් බද්ද වශයෙන් රුපියල් දහසක් බැගින් එම බහාලුමට රුපියල් ලක්ෂ විසිපහක දඩ මුදල නියම කර ඇත. 2018 වසරේ ජනවාරි මාසයේ ගෙනැවිත් තිබූ මෙම ප්ලාස්ටික් මල් ඇසුරුම් බහාලුම 2019 ජුනි මාසයේදි රුපියල් ලක්ෂයකට විකුණා තිබෙන බව වාර්තා වෙයි.රේගු අපහරණ අංශයේ නිලධාරීන් එම බහාලුම් අඩංගු කෘත්‍රිම මල් අඩු මුදලකට තක්සේරු කර තිබුණු බැව් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.


මෙම බහාලුම් මෙරටට ගෙන ආ ටෙලි නළුවා ටෙලි නාට්‍ය රූපගත කිරීම සඳහා බව කියමින් මේවා ගෙන්වා මීට පෙරද රේගුව නොමග යවා ඇති බවත් පෙර වැරැදිද සලකා රුපියල් ලක්ෂ හැට එකක දඩයක්ද නියම කිරීමට රේගුව කටයුතු කර ඇත. අදාළ ප්ලාස්ටික් මල් අඩංගු බහාලුම නිදහස් කර ගැනීමට ටෙලි නළුවා අකැමැති වූ හෙයින් එය විකුණා දැමිමට රේව තීරණය කර ඇත.

අදාළ ප්ලාස්ටික් මල් අඩංගු බහාලුම රුපියල් ලක්ෂ 25කට විකුණා දැමීමට නියම වී තිබියදී රේගූ අපහරණ අංශයේ තක්සේරු නිලධාරීන් එය රුපියල් ලක්ෂ 25කට නොව විකිණිය හැක්කේ රුපියල් ලක්ෂයකට යැයි කියා තක්සේරු කොට රේගුවට දැනුම් දී ඇත. ඉන්පසු එම මල් බහාලුම එය ගෙන ආ නළුවාටම රුපියල් ලක්ෂයකට විකුණා ඇතැයි රේගු නිවාරණ අංශයේ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ. පසුගියදා ෆාම් ඔයිල් අඩංගු කටේනර් පහ කූට ලෙස රේගුවෙන් පන්නා විකුණා දමා ඇත්තේද මෙම නිලධාරීන්ම බවටද වාර්තා වෙයි.

-ප්‍රගීත් සම්පත්-