ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්  කළේ පොහොට්ටුවේ නායකයන් රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත් නිසා යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  ඊයේ පැවසීය.

ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරැදිව තේරුම් ගත්  හෙයින් ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආ බව කී ෆොන්සේකා මහතා

"එයාලා හිතන විදිහට ඒ පැත්තේ සිටින වඩාත්ම සුදුසුම කෙනා ගෝඨාභය" යැයි ද සඳහන් කළේය.  සරත් ෆොනේස්කා මහතා මෙසේ ද පැවැසීය.

 "රටේ ආරක්ෂව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගත්තු නිසා ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආවා. මේ ප්‍රශ්නය විසඳීමට 
හොඳම මිනිහා ගෝඨාහය කියලා ඒ අය හිතනවා ඇති. ගෝඨාභයගේ හැකියාවන් නොහැකියාවන් ගැන මම කතා කරත්න යන්නේ නැහැ.

 නමුත් ඒගොල්ලන්ට ඉන්න හොඳම කෙනා හැටියට ගෝඨාහය ඉදිරිපත් කරල තියෙනවා. එයාලා එහෙම කළේ රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තු නිසයි.

 ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය ඔය තත්වය තේරුම් නොගෙන කටයුතු කළහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වේවි. ජනතාව අද වෙනකොට ප්‍රමුඛත්වය දිලා තියෙන්නේ රටේ ආරක්ෂාවටයි. දුරදිග බලන කෙනකුට ඒක තේරන්න ඕන. අද රට මේ තත්වයට පත්වෙලා  තියෙන්නේ ඒවා තේරුම් නොගෙන වැඩ කිරීම නිසයි.

දැන්වත් ඒක තේරුම් නොගත්තොත් ජනතාව ඊට නිසි ප්‍රතිචාර දක්වාවි.එයාලා හිතන විදියට ඒ පැත්තේ ඉන්න වඩාත්ම සුදුසුම කෙනා එයා. නමුත් යුද්ධය ගැන කතා කරනකොට නම් අප දරන ස්ථාවරය ගැන කොහොම නමුත් එයාලා රට ගැන හිතලා රටේ තත්වය තේරුම් අරගෙන ගත්තු තීරණයක්. ඒ නිසානේ එහෙම තීරණයක් ගත්තේ. ආණ්ඩුවටත් එහෙම හිතන්න දැන්වත් මොළේ පෑදෙන්නේ නැතිනම් ජනතාව ඔවුනට හරියි කියලා හිතන තීරණයක් ගනීවි." යැයි ද ඒ මහතා කීවේය.


සුජිත් හේවාජුලිගේ