උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය  සී.වී. විග්නේශ්වරන් මහතාගේ රථ පෙළපාළියකට සහභාගි වූ තරුණයන් පිරිසක් පසුගියදා 11දා පොලීස් නිලධාරීන්ව සමච්චලයට ලක්කොට තිබේ. විග්නේශ්වරන් මහතාගේ
දේශපාලන පක්ෂය වන දෙමළ ජනතා සන්ධානයේ (TMK)
පක්ෂ කාර්යාලයක් වවුනියාවේ පිහිටුවීම සඳහා ඔහු පැමිණෙද්දී විශාල පිරිසක් රථ පෙළපාළියකින් පැමිණ ඇති අතර මෙහිදී යතුරුපැදිවල නැගී පැමිණි විශාල පීරිසක් ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නොපැලඳ පැමිණීම නිසා පොලිසිය ඔවුන්ට නතර කරන ලෙස සඥා කොට ඇතත් ඔවුන් යතුරුපැදි නතර කර ගොස් තිබේ.

යතුරුපැදි නතර නොකළ ඔවුන් කෑ කෝ ගසමින් පොලිස් නිලධාරීන් සමච්චලයට හා අවමානයට ලක් කරමින් මේ රථ පෙළපාළියේ ගමන් කාන්ට තිබේ. වවුනියාවේ තාණ්ඩික්කුලම  ප්‍රදේශයේදී සිදුවූ මේ සිදුවීම පිළිබඳව පොලීසිය වාහනවල පැමිණි එක් සංවිධායකවරයකුගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේදී ඔහු පොලීස් නිලධාරීන් සමඟ බහින් බස්වී තිබේ.

මෙසේ පැමිණි වාහන පෙළ පාළිය මැද එක් වාහනයක සී.වී. විග්නේශ්වරන් මහතා සිටි නමුත් ඔහු මේ සම්බන්ධයෙන් මැදිහත්වී නොමැත. මේ සිද්ධිය පිළිබඳව වවුනියාව  පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ  කර ඇත.

-රසාදි චතුරංගි ගමගේ-