https://www.gossiplankanews.com/2019/08/nisali-perera-monash-student-dies.html
ස්ට්‍රෙලියාවේ මෙල්බන් නුවර මොනෑෂ් සරසවියේ අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලංකාවේ නිසලි පෙරේරා නමැති 20 හැවිරිදි සිසුවිය හදිසි මාර්ග අනතුරකට ලක්වීමෙන් පෙරේදා (29) රාත්‍රී මරුමුවට පත්ව තිබේ.
මෙල්බන්හි ගිනිකොණදිග Wellington Road, Clayton ස්ථානයේදී (සරසවිය ඉදිරිපිට ජන
ශුන්‍ය කලාපයකදී) රාත්‍රී 9.45 ට පමණ මෙම අනතුර සිදුව ඇත. වේගයෙන් පැමිණි වාහනය නිසලි හප්පා පළාගොස් ඇති බවත් හැපුණු වේගයට ඇය අඩි 60 ක් පමණ විසිව ගොස් ඇද වැටුණ බවත් වාර්තා කර තිබේ.
අඳුරු පැහැ sedan වර්ගයේ වාහනය

නිසලිව හැප්පීමෙන් පසු පළාගොස් අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර 700 ක් පමණ එපිටින් පිහිටි North Road හි පල්ලියක් අසළ වාහනය අතැර ගොස් සිටියදී රාත්‍රී 11 ට පමණ පොලිසිය සොයාගෙන තිබේ.
අනතුර සිදු කළ අය සෙවීමට පොලිස් පරීක්ෂණ සිදුවේ.

නිසලි මොනෑෂ් සරසවියේ ව්‍යාපාර කළමනාකරණ උපාධියක් හදාරමින් සිටි අතර ඇය උපාධියේ අවසන් වසරේ සිසුවියක විය. ඇගේ අනපේක්ෂිත වියෝව නිසා ඇයට හිතවත් මෙල්බන්වාසී හිතවතුන් මෙන්ම ශ්‍රී ලංකාවේ පවුල්වල අය දැඩි කම්පනයට පත්ව තිබේ.

ඇයට අනතුර සිදු කළ අය සොයාගැනීමට මහජන සහය පතා ඕස්ට්‍රෙලියානු වෙබ් අඩවි මගින් පුවත් පළකර තිබෙන අතර අනතුර අවස්ථාවේ ඩෑෂ්කැම්  වීඩියෝ සතුනම් පොලිසිය අමතන ලෙසද ඉල්ලා ඇත.