https://www.gossiplankanews.com/2019/08/mattakkuliya-police-incident.html
මට්ටක්කුලිය පොලීසියේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ ඥාතීන් පොලිසිය ඉදිරිපිට විරෝධය දැක්වීමක් නිසා ඊයේ සවස කලබලකාරී තත්වයක් ඇතිව තිබේ.
පොලිසිය පවසන්නේ මෙම සැකකරු සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී මෙසේ
මියගියේ ඔහු සොරකම හසුවෙන්න යද්දී 3 වන මහළකින් බිමට පැන තුවාල සහිතව සිටි නිසා බවයි. නමුත් ඥාතීන් පවසන්නේ ඔහුට පොලිසිය අමානුෂික ලෙස පහරදී මරා ඇති බවයි.

සොරකම සිදු කිරීමට ඔහු උත්සහ කර ඇත්තේ මට්ටක්කුලිය කදිරාන ප්‍රදේශයේ මහල් නිවාසයකයි. කාන්තාවකගේ කෑ ගැසීම ඇසී ඔහු එහි 03 වන මහලෙන් බිමට පැන තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් එම අවස්ථාවේදී සැකකරු කොටුකර ගෙන ඇති අතර පසුව මට්ටක්කුලිය පොලීසියට භාර දී තිබෙනවා. මට්ටක්කුලිය පොලීසියේ අත්අඩංගුවේ සිටියදී සැකකරු මියගොස් ඇත්තේ ඊයේ (10) උදැසන 08 ට පමණයි.
පොලීසියේ අත්අඩංගුවේ සිටියදී සැකකරු මිය යාම සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.