https://www.gossiplankanews.com/2019/08/mahinda-will-name-gotabhaya-as-presidential-candidate.html#more
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද (11) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.එහිදී එම පක්ෂයේ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පත්කරන්නට නියමිතය. එහිදී ඔහු පවත්වන කතාවේදී එළැඹෙන ජනපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ලෙස
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම නම් කරන බව දේශපාලන ආරංචි මගින් අනාවරණය වේ.
මේ දක්වා ලංකාවේ දේශපාලන කතාබහ මේ සමගම අලුත් මගකට යොමුවනු ඇතැයිද වාර්තාවේ.
මෙම 2019 වසර අගදී පැවැත්වීමට නියමිත බවට ආරංචි පළවන

ඊළඟ ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයක් ලෙස තරග වැදීමට නියමිත අතර ඒ අනුව එහිදී ජනපති අපේකෂකයා වනු ඇත්තේ ගෝඨාභයයි.
ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිකම අතහැරියේද නැද්ද යන්න ගැන පසුගිය සමයේ දැඩි කථාබහක් පැනනැගුණ අතරම ඔහුට එරෙහිව මේ වනවිට ප්‍රධාන වශයෙන් නඩු දෙකක් අධිකරණය තුළ තීරණාත්මක ලෙස විභාග වන පසුබිමක මෙම නම් කිරීම සිදුවෙයි.
පසුගිය පුංචි ඡන්දයේදී සියයට 43 ක ප්‍රතිශතයකින් සමස්ත ජයග්‍රාහී පුතිඵලය පෙන්වූ පොදු ජන පෙරමුණ ජනපතිවරණයේදී සියයට 50 කට වැඩි ප්‍රතිශතයකින් ජයගතයුතු අතර එහිදි පුංචි ඡන්දයේදී ඔවුන් සමග නොසිටි ශ්‍රීලනිප ඡන්දද සිය ගොඩට එකතු කරගැනීම අතිශය

වැදගත් වේ.
මෙම පසුබිම තුළ ශ්‍රීලනිප නායකත්වය දරන මෛත්‍රිපාල සිරිසේනට පවතින වෙනම තරග කිරීමේ ආසාව අභිබවා ගෝඨාභයගේ ගොඩට එම ඡන්ද කොටස අයිති කරගැනීමේ උවමනාව මත පසුගිය කාලයේ දිගින්දිගට සාකච්ඡා පැවති නමුත් තවම එම සාකච්ඡා අවසන්වී නැත. කෙසේ වෙතත් අද ගෝඨාභයගේ නම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් කිරීමෙන් පසු ශ්‍රීලනිපයට කළ හැක්කේ එයට එකගවීමට හෝ නොවීමට පමණකි.