https://www.gossiplankanews.com/2019/08/malcom-ranjith-cardinal.html
ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පතේ බුදුදහමට තිබූ තැන නැති කර ලංකාව අනාගමික රටක් ලෙස කර තිබූ යෝජනාව දැක තමා පුදුමයට පත්වී යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ
කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පෙරේදා පැවති මහජන සභාවේ මංගල රැස්විමේදී ප්‍රකාශ කළහ.

මේ පිළිබඳව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරුතුමෝ මෙසේ ද පැවසූහ.  මම බැලුවා මේ මොකක්ද මේ රටට  කරන්න යන්නේ කියලා. මොකද මේ රටේ  සංස්කෘතිය

පදනම් වුණේ බුදුදහම මතයි.  මා කතෝලිකයෙක් වුණත් එය මා පිළිගත්න දෙයක්. ආධ්‍යාත්මික දිවි ගතකරන පැවිදි උතුමන්ට මේ තරම් ගරු කරන මෙවැනි තවත් රටක් අපි දැක නැහැ. අපි ලෝකයේ නොයෙක් රටවල ඇවිද තිබෙනවා.

ඒත් බස් එකක පැවිදි උතුමන්ට ආයතනයක් වෙන්කර තිබෙන වෙනත් රටක් දැකලා නැහැ.

දේශපාලන නායකයන් තමන්ගේ පෞද්ගලික බලය ආරක්ෂා කිරීමට කිසිම හෘදය සාක්ෂියක් නැතිව කටයුතු කර තිබෙනවා. මේ නිසා රට ආපස්සට ගන්නේ කර තිබෙන බව පෙනෙනවා. ලස්සන රටක් වුණත් ලෝකයේම කුණු කූඩය වෙලා තියෙන්නේ අපේ රටයි. එංගලන්තෙන් කුණු කන්ටේනර් දහස් ගණනක් ගෙනත් දාල තියෙන්නේ. ඒ රටේ මිනිස්සු අපේ රට ලෝකයේ කුණු කූඩයක් ලෙස සිතන නිසා  යැයි උන්වහන්සේ පැවසූහ.

-විනිතා එම්. ගමගේ-