මේ දක්වා සවුදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබුණ නීති රැසක් ලිහිල් කිරීමට අද (2) සිකුරාදා සවුදි රජය තීරණය කර තිබේ. ඒ අනුව කාන්තාවන්ට තනි තීරණයට විදෙස් ගතවීමේ අයදුම් කිරීමේ නිදහස හිමිව ඇති
අතර මේ දක්වා
තමන්ගේ පියා සැමියා හෝ භාරකාර පිරිමියෙකුගේ අනුමැතියට යටත්ව විදෙස් ගතවීමට පාස්පෝට් අයදුම් කිරීමට පැවති නීතිය ඉවත් කර ලිහිල් කර ඇත.
එසේම දරුවන්ගේ උප්පැන්න අයදුම් කිරීමට, විවාහ සහතික ලබාගැනීමට මෙන්ම දික්කසාද අයදුම් කිරීමට එරට කාන්තාවන්ට නිදහස නොපැවති අතර පිරිමියෙකු නැතිව අද සිට ඒවා කරගන්නටද නිදහස ලබාදී ඇත.
සවුදි අරාබියේ රජු මොහොමඩ් බින් සලමන් මෙම නීති ලිහිල් කරන ලෙස දන්වා සිටීමෙන් පසු අද සිට ක්‍රියාත්මකවී තිබේ.
පසුගිය වසරේ සවුදි කාන්තාවන්ට වාහන රියදුරු බලපත් ලබාගැනීමේ නිදහසද හිමිව තිබූ අතර මේ වනවිට ලෝකයේ විවිධ කාන්තා සංවිධාන හා මානව හිමිකම් සංවිධාන සවුදි රජයේ නව ප්‍රතිපත්ති අගය කර තිබේ.