https://www.gossiplankanews.com/2019/08/kegalle-hospital-incident.html
කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරයකුගේ වෙද නළාවක් සොරාගෙන වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් සායනයකින් ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි වයෝවෘද්ධ කාන්තාවක් රවටා ගෙන රෝහලේ කෑම කාමරයකට රැගෙන ගොස් ඇගේ අත කන කර රන් භාණ්ඩ සියල්ලම
ඊයේ (01දා) දහවල් යම් පුද්ගලයකු සොරකම් කරගෙන ගොස් ඇතැයි කෑගල් පොලිසිය කියයි.

මෙලෙස අත කන කර රන් භාණ්ඩ අහිමි වී ඇත්තේ කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ බව පොලිසිය කියයි.කෑගල්ල මිපිටිය ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (01දා) කෑගල්ල මහ රෝහලේ සායනයකින් ප්‍රතිකාර ගැනීමට තනිවම පැමිණ ඇත. මෙම මව අත් වාරුවක් උපකාර කරගෙන ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට පැමිණ සායනයේ පෝලිමේ වෛද්‍යවරයා වෙත යෑමට සිට ඇති බව පොලිසිය කියයි.


පොලිමේ සිටින මව ළහට  පුද්ගලයකු වෙද නළාවක් සම හ පැමිණ සිය දුරකථනයෙන් වයෝවෘද්ධ මව ගැන කියා ඇත. පසුව පුද්ගලයා 'අම් මේ මම අම්මා හොඳට අඳුනනවා, එන්න X ray එකක් ගන්න තියෙනවා කියලා වයෝවෘද්ධ මව රෝහලේ අංක 11 වාට්ටුවට ගෙන ගොස් ඇත. වයෝවෘද්ධ මව සිතා ඇත්තේ මෙම පුද්ගලයා තම දරුවන් හඳුනන වෛද්‍යවරයකු බවය. අංක 11 වාට්ටුවට කැඳවා ගෙන ගිය මවට පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ අතේ දමාගෙන සිටින රන් වළලු දෙකයි, මුද්දයි, මාලයයි, පෙන්ඩන්ට් එකයි, කරාබු ජෝඩුවයි ගලවා හෙද නිලධාරිනියකට දෙන ලෙසය.

වයෝවෘද්ධ කාන්තාව වළලු දෙක හා මුද්ද ගලවා දී ඇති අතර රන් මාලය හිසෙන් ගැලවීමට නොහැකි වූ විට එම පුද්ගලයා මාලය කඩා ගෙන කරාබු ජෝඩුවත් ගලවන ලෙස ප්‍රකාශ කර තිබිණි. මව එවිට කරාබු ජෝඩුව ගැලවිම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පුද්ගලයා ගලවා ගත්

රන් භාණ්ඩ වික රැගෙන රෝහලෙන් පිටට ගොස් ඇති බව පොලිසිය  කියයි.

මෙම මවගේ දියණියක් ඩුබායි රාජ්‍යයේ පදිංචිව සිටින අතර මෙම මාතාව මාස තුනකට එරටට ගිය අවස්ථාවේදී දියණිය නව රන් භාණ්ඩ අරන් දුන් බව හැඩවූ කඳුළින් ඇය ප්‍රකාශ කළාය. නාඳුනන පුද්ගලයා ගෙන ආ වෙද නළාව මව අසල වැටි තිබී පසුව මව එය අතේ තබාගෙන සිටි අයුරු දක්නට ලැබුණු බවද පොලිසිය කියයි.

වයෝවෘද්ධ මවගේ රන් භාණ්ඩ කොල්ලකෑමට පැමිණි පුද්ගලයා රෝහලේ බාහිර රෝගී අංශයේ රෝගීන්ට ප්‍රතිකාර කර උදේ තේ පානය කිරීමට වෛද්‍යවරුන් කිහිපදෙනකු ගිය අවස්ථාවේදී වෙද නළාවක් සොරකම් කරගෙන ගොස් මෙම කොල්ලය සිද්ධ කර ඇති බව පොලිසිය කියයි. කෑගල්ල මහ රෝහලේ සිසිටිවී කැමරා පද්ධතියක් සවි කර තිබුණද ඒවා වසර ගණනාවක සිට අක්‍රියව පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය පරික්ෂණ පවත්වති.

-චමින්ද ජයලත්-