මරදාන - බෙලිඅත්ත  සහ බෙලිඅත්ත - මාතර අතර ධාවනය කරන ගාලු කුමාරී දුම්රිය සදහා ඉන්දියාවෙන්
ආනයනය කළ එස්-13 වර්ගයේ
නවීන ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් ඊයේ (1) සිට ධාවනයට යෙදවූ බව දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය පවසයි.

දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු  මහතාගේ උපදෙස් පරිදි ධාවනයට යොදවන මෙම නවීන බලවේග දුම්රිය සඳහා වායුසමනය කළ මැදිරි දෙකක්ද එක්කර තිබෙන අතර එම වායු සමනය කළ මැදිරිවල ආසන කලින් වෙන්කරවා ගැනීමට පහසුකම් සපයා ඇතැයි වාණිජ අධිකාරි කාර්යාලය පවසයි.

මෙම ගාලු කුමාරි දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව. 2.15 ට ද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 5.25 ටද පිටත්වන අතර දැනට එ-12 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් ධාවනය කෙරේ.

-මහින්ද නිශ්ශංක-