ගුරු විදුහල්පති ගැටලු විසදීම සදහා ලිඛිත  පොරොන්දුවක් මේ මස 15 වැනිදාට පෙර ලබාදීමට කටයුතු නොකළහොත් මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වන බව සමස්ත
ලංකා උපාධිධාරී ගුරු සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (01දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිඛිතව දැන්වූ බවත්, 1997 වසරේ සිට පවතින වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු හා නව සේවා ව්‍යවස්ථා ගැටලු හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන්ට දැඩි අසාධාරණයක්  සිදුව තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ.එම්.ජේ.එස්. ද සේරමි  මහතා සඳහන් කළේය.

ගුරු විදුහල්පතිවරුන් ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙසට බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලා  සිටි නමුත් එම ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද හෙතෙම පවසා සිටියේය. මේ හේතුවෙන් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බවට විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කළ බවත්, උත්තර පත්‍ර පරීක්ෂා කරන පිරීසෙන් අති බහුතරය උපාධිධාරී ගුරුවරුන් වන බවත් රි.එම්.ජේ.එස්. ද සේරමි මහතා වැඩිදුරටත් පැවසීය.

-එච්.අයි.තුෂාර-