https://www.gossiplankanews.com/2019/08/janath-liyanage-sri-lankan-us-dies.html
මරිකාවේ වාසය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු සොරකමක් සිදුවූ තැනක ගැවසීමේදී අනපේක්ෂිත සිදුවීමක් නිසා වෙඩිවැදී මරුමුවට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මියගිය පුද්ගලයා කැලිෆොනියාවේ ඔරෙන්ජ් කන්ට්‍රිහි පදිංචි ජනත් ලියනගේ නමැති 32 හැවිරිදි අයෙකි.  ඔහු ඇමරිකාවේ උබර් ටැක්සි රියදුරෙකු ලෙස
සේවය කරමින් සිටියේය.පසුගිය සතියේ අඟහරුවාදා රාත්‍රියේ ඕක්ලන්ඩ්හි Uptown ප්‍රදේශයේ Rashida Muhammad Street හා San Pablo Avenue අතර අතුරු මාර්ගයක සිය කුලී වාහනය නවතා ඒ අසළ ඔහු සිටගෙන සිටි අවස්ථාවක කිසියම් සොරෙකු ඔහුට වෙඩි තබා ඇති බව

වාර්තාවේ. ඔහුට වෙඩි තැබීමේ සිද්ධිය හා සොරකම අතර සම්බන්ධයක් නැති බවද පොලිසිය වාර්තා කර තිබේ.

වෙඩි වැදීමෙන් පසු අවට සිටි අය ඔහුව රෝහල් ගත කළ නමුත් ඊට පැය දෙකකට පමණ පසු ඔහු රෝහලේදී මියගියේය.
ඔහුට වෙඩි තැබීම සිදු කළ සොරා ගැන තවම හෝඩුවාවක් නැති බවත් ඔහු සෙවීම සඳහා කැමරා දර්ශන ඇසුරින් පරීක්ෂණ අරඹා ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙන අතර සොරා සොයාදෙන්නේ නම් ඇමරිකානු ඩොලර් 10000 දක්වා වන විශේෂ ත්‍යාගයක් ලබාදෙන බවටද බලධාරීන් දන්වා ඇත.

මියගිය  ජනත් ලියනගේ ශ්‍රී ලංකාවේ මාළඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තාවන අතර මීට වසර 10 කට පමණ පෙර ඇමරිකාවට සංක්‍රමණයවී එහි ජීවත්වෙමින් සිට ඇත. කෙසේ වෙතත් මියගිය ජනත් සිද්ධිය අවස්ථාවේ ඕක්ලන්ඩ් අප්ටවුන් ප්‍රදේශයේ කවර කටයුත්තක නිරතවූයේද යන්න ගැන තවම අනාවරණයවී නැති බව පොලිසිය දන්වා ඇත.