ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක රැස්වීමක් සඳුදා සන්ධ්‍යාවේ පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදු ජන
පෙරමුණට පක්සයේ අවසර නැතිව එක්වූ අය
ඉවත් කරන්නට තීරණය විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය දැරූ එස්බී දිසානායක නෙරපා ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කර ගැනීමද සිදුවිය.
ඉදිරියේදී ශ්‍රී ලනිපයට පිටුපාගිය අයගැන දැඩි තීරණ ගැනීමට යෝජනා වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග  සාකච්ජා වටයක් හෙට පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කියා තිබූ අතර ශ්‍රීලනිප එම පක්ෂය සමග එක්වීම සිදුවන්නේද නැත්ද යන්න ගැන අද කතාබහ වී ඇත.
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරික උළෙල පිළිබඳවද මෙහිදි අවධානය යොමුවූ බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.