https://www.gossiplankanews.com/2019/08/6year-jail-eraj-fernando.html
සුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ මත්තල හා හම්බන්තොට  නිරීක්‍ෂණ චාරිකාවක නිරතව සිටි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු ඇතුළු පිරිසකට පහරදීම බියවැද්දීම ඇතුළු අධිචෝදනා 27 කට වරදකරුවන් කරනු ලැබූ
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු ඇතුළු දෙදෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (02 දා) වසර හයක බරපතළ වැඩ සහිත අනිවාර්ය සිරදඬුවම් නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධ නඩු විභාගය එකල විභාග වන අතරවාරයේ හිටපු නගරාධිපතිවයා පවසා තිබුනේ

තමා රැගෙන ගියේ සෙල්ලම් පිස්තෝලයක් බවයි.

අජිත් මාන්නම්පෙරුම මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ කොළඹ සිට පැමිණ හම්බන්තොට වරාය ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කර වරාය පරිශ්‍රයෙන් පිටව යන අවස්‌ථාවේදී පිස්‌තෝලයක්‌ රැගෙන තවත් විශාල පිරිසක්‌ ද සමග විත්තිකාර හම්බන්තොට නගරාධිපතිවරයා එම ස්‌ථානයට කඩාවැදී තිබිණි. එහිදී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසට ගල් මුල් හා බිත්තරවලින් ප්‍රහාර එල්ල කර තිබිණි.
ඊයේ (02 දා) තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එකී විත්තිකරුවන් දෙදෙනා අධිචෝදනා 27 කට වැරදිකරුවන් බව විවෘත අධිකරණය හමුවේදී විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළේය.

නගරාධිපති ධුරය තාවකාලික භාරකාර ධුරයක්‌ වන නමුත් විත්තිකාර නගරාධිපතිවරයා වැනි පුද්ගලයන් එය සදාතනික උරුමයක්‌ ලෙස සිතාගෙන එලෙස හැසිරී ඇති බැවින් නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහාත් මින්මතු එලෙස කටයුතු කිරීමට පෙළඹෙන සෙසු පුද්ගලයන්ට ද පාඩමක්‌ ඉගෙන ගත හැකි අයුරින් දැඩි දඬුවම් නියම කරනා ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනකු එකවර වින්දිතයන් බවට පත් වී අධිකරණය හමුවට පැමිණ සාක්‍ෂි දුන් එම නඩුව ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ නඩුවක්‌ වන බව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා කීය.

වසර 6 ක සිර දඩුවමට අමතරව වැරදිකරුවන් කරනු ලැබූ එක්‌ අධිචෝදනාවකට රුපියල් 5000 බැගින් දඩ මුදලක්‌ එනම් වෙන් වෙන්ව රුපියල් එක්‌ලක්‍ෂ තිස්‌පන්දහස බැගින් දඩ මුදලක්‌ විත්තිකරුවන් දෙදෙනාට නියම කළේය.