ජර්මනියේ රේගු නිලධාරීන් හැම්බර්ග් වරායේ මෙතෙක් එරට විශාලතම කොකේන් තොගය හසු කරගෙන තිබේ.උරුගුවේ මොන්ටෙවීඩියෝ සිට බෙල්ජියමේ ඇන්ට්වර්ප් වෙත ටොන් හතරකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ හමු විය.

සෝයා බෝංචි ලෙස ලැයිස්තුගත කර ඇති මෙම නැව්ගත කිරීම කළු පැහැති ක්‍රීඩා බෑග් 200 කට අධික ප්‍රමාණයක මේවා සඟවා තිබුණි.

දැඩි ආරක්ෂාවක් යටතේ මෙම කොකේන් තොගය විනාශ කරන බව බලධාරීහු පවසති.
මේවායේ වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක් යැයි හැම්බර්ග් රේගු ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජර්මානු බලධාරීන් පවසන්නේ මෙම සොයා ගැනීම මගින් දකුණු ඇමරිකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට ඔවුන් තර්ජන ඇති කළ බවයි.
වැටළිම සිදුවූ හැම්බර්ග් යනු යුරෝපයේ තුන්වන විශාලතම වරාය වන අතර ජර්මනියේ විශාලතම වරාය වේ.