කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා හදිසියේ හෘදයාබාදයක් වැළඳීම නිසා
ඊයේ ආසාධ්‍ය තත්වයට
පත්වූ අතර ඔහුට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර කොළඹදී ලබාදීම සඳහා වික්ෂ නායක මහින්ද රාජපක්ෂ මැදිහත්වී හෙලිකොප්ටරයක් කුරුණෑගලට යවා ඔහු කොළඹ පුද්ගලික රෝහලක් වෙත ගෙන්වා ගෙන තිබෙන බවද වාර්තාවේ.
එජනිස නියෝජනය කරන සාලින්ද මන්ත්‍රීවරයා කුරුණෑගල සිටියදී සුවදුක් බැලීමට මහින්ද රාජපක්ෂ මහතාද ගොස් තිබූ අතර පසුව කොළඹ ගෙන එන්නට උදව් කර තිබේ.
ඔහුගේ තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි දන්වා ඇත.