https://www.gossiplankanews.com/2019/08/27-doctor-anuradhapura-hospital-cctv.html
නුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී. කැමරාවක් සවිකර කාන්තාවන්ගේ දර්ශන රූගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු
මෙහෙයුම් අංශය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා හමුවේ නඩු පවරනු ලැබීය.සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවැරීමට තරම් අවැසි කරුණු ඇති බවටත් වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙසටත් නීතිපතිවරයා ලිඛිතව ලබා දී තිබූ නීති උපදෙස් අනුව මෙලෙස චෝදනා ගොනු කර නඩු පැවැරිය.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා විමර්ශනවල උධෘත අධිකරණ නියෝගයක් මත නීතිපතිවරයාට යැවීමෙන් අනතුරුවයි.මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙලෙස සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවැරීය.


අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක සී.සී.ටී.වී. කැමරාවක් සවි කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර වෛද්‍යවරයාට ලබන මස 15 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙසට තවදුරටත් නියෝග කරනු ලැබිය.සැකකාර වෛද්‍යවරයා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සවිකර තිබියදී පොලිස් භාරයට ගෙන තිබූ සී.සී.ටී.වී. කැමරාවේ දන්ත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හදිසි ප්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැඳවනැයි මිට පෙර
අධිකරණය අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර තිබූ අතර එකී නියෝගයට අනුව අදාළ වාර්තාවද මේ වන විට අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහක
වෛද්‍යවරයෙකි. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 30 වැනි වාට්ටුවේ සේවය කරමින් සිටියදී මෙම වරද සිදුකර ඇති බවට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබේ.
සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් මුල් බී වාර්තාව මහින් කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක යමෙකු විසින් සි.සී.ටී.වී. කැමරාවක් සවිකර ඇති බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සිරිවර්ධන

සමරවීර මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් යොමු කළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකාර වෛද්‍යවරයා අනුරාධපුර රෝහල් පොලිසිය මඟින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර වූ බව ද අධිකරණයට කියා සිටි පොලිසිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළිය තුළ සී.සී.ටී.වි. කැමරාවක් සවි කර තිබූ අයුරු තමන් දුටු බව පවසමින් එම රෝහලේ ගිණුම් අංශයේ නිලධාරිනියක විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති බව ද කීවේය.

එමෙන්ම සැකකාර වෛද්‍යවරයා අදාළ කාන්තා වැසිකිළියට යන එන අයුරු ශුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යයෙහි නියැළී සිටි කම්කරු සේවකයකු ද දැක ඇති බව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයි ද පොලිසිය අධිකරණයට සැල කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී. කැමරාවක් සවි කළේ තමන් බවට පිළි ගනිමින් සැකකාර වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වරයාට ලිපියක් ලබා දී ඇති බවට පොලිසිය මේ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදි තවදුරටත් හෙළි වූයේ යැයි ද පොලිසිය එදින අධිකරණයට සැල කළේය.
සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රංජිත් රාජකරුණා මහතා සඳහන් කළේ වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවයි.

-ආනන්ද කරුණාදාස-