ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහයුම් නිලධාරී (සි.සී.ඕ.ඕ.) අසංක ගුරුසිංහ මහතාගේ සේවය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු සභාපති සහ වර්තමාන විධායක කමිටු සාමාජික තිලංග
සුමතිපාල මහතා කළ යෝජනාවකට විධායක කමිටුව සාමාජිකයන් පිරිසකගෙන් විරෝධය ප්‍රකාශ වී ඇතැයි වාර්තා වේ. සුමතිපාල මහතාගේ යෝජනාව ලේකම් මොහාන් ද සිල්වා මහතා විධායක කමිටුවට ඊයේ (19) ඉදිරිපත් කිරිමෙන් පසුව ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ද
විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

කසේ වුවත් සුමතිපාල මහතාගේ යෝජනාවට විධායක කමිටුට්ටේ සාමාඡිකයන් හත්දෙනකු පමණ සහයෝගය පළකර ඇති බව ද වැඩිදුරටත් දැනගන්නට ඇත. ගුරුසිංහ මහතාගේ සේවය දීර්ඝ කළහොත් විධායක කමිටු සාමාජිකයන්ද වන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු දරන කිපදෙනකු ඉල්ලා අසවීමට සුදානම් වන බව ද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

"ඔහු වසර කීපයක් කරපු දෙයක් නෑ. ඒ නිසා ඔහුගේ සේවය අවසන් කරන්න තමයි  හිටියේ. ඔහුගේ සේවය දීර්ඝ කළහොත් අපි දැඩි පියවරක් ගන්නවා” යැයි ගුරුසිංහගේ සේවය දිර්ඝකිරිමට විරෝධය දක්වන විධායක කමිටු සාමාජිකයෙක් ' පැවසීය. අසංක ගුරුසිංහ මහතාගේ සේවා සිවිසුම පසුගිය 14 වැනිදා අවසන් විය.

-යොහොන් භාසුර-