https://www.gossiplankanews.com/2019/08/11-scholl-teacher-hali-ela-abused.html
හාලිඇල ගලඋඩ ප්‍රදේශයේ  පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 10 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසලේ 44 හැවිරිදි ගුරුවරයෙකු පොලිසිය සොයමින් සිටි අතර ඔහු ඊයේ (28) බදුල්ල පොලිසියට බාර වූයේය.
වයස අවුරුදු 15 සහ 16 යන වයස් කාණ්ඩවල
පසු වූ ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 5 දෙනෙකු

බරපතල ලිංගික අපයෝජනය ලක් කළැයි බදුල්ල පොලිසියට මුලින් පැමිණිලි ලැබී තිබූ අතර අද (29) වන විට එම පැමිණිලි සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.ඒ අදාළ ශිෂ්‍යාවද සමගයි.
මෙම ගුරුවරයා පිරිමි දරුවන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දක්වා ඇති අතර ඒ සඳහා අදාළ ගැහැණු දැරිවිය යොදාගෙන ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.
පිරිමි ළමුන් අපයෝජනය සඳහා පොළඹවා ගැනීම උදෙසා පාසල් ශිෂ්‍යාවගේ නිරුවත භාවිතා කර ඇති මෙම පුද්ගලයා ඇයද කිහිප වරක් අපයෝජනය කර ඇති බව සදහන් වේ.
එම පාසලේ සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපන ගුරුවරයා වන ඔහු ඊට අමතරව ගණිතය උගන්වා ඇති බවද පැවසුණි.
මීට අමතරව මුදල්  ලබාගෙන අමතර පන්තිද පාසැලේ පවත්වා තිබේ.
සිසුන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කර ඇති බව බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.
බදුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
ගුරුවරයා අද(29) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.