ශ්‍රී ලංකාවේ දැන් වැඩිහිටියන්ව සිටින අතීත තරුණ පරපුරේ සිට වත්මන් තරුණ පරම්පරාව දක්වා වසර 38 ක් තිස්සේ දැනුම රසය බෙදාගත් 'තරුණයා' පුවත්පත නතර කිරීමට එය පළ කරන විජය පුවත්පත් සමාගම තීරණය කර තිබේ.
සතිපතා ප්‍රකාශනයක් ලෙස
තරුණ පරපුර ඉලක්ක කර

පළවූ මෙම පුවත්පත ඉදිරියේදී විජය පුවත්පත් අනුබද්ධ 'අද' පුවත්පතේ අතිරේකයක් ලෙස පමණක් කල එළි දකිනු ඇත.
මෙම පුවත්පත නතරවීමට බොහෝ දුරට බලපා ඇත්තේ නූතන පරපුර පුවත්පත් කියවීමට වඩා ජංගම දුරකථන හා ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට හා අන්තර්ජාලය වෙත නැඹූරුවීමයි. ඒ හේතුවෙන් පුවත්පතේ අලෙවිය ශිඝ්‍ර ලෙස පහත වැටීම නිසා එය මුද්‍රණය කර විකුණාගන්නට අපහසු තත්වයක් මතුව ඇත.
පසුගිය කාලයේ ලක්බිම, රිවිර, ජනයුගය ඇතුළු පුවත්පත් කිහිපයක්ම අලෙවිකරණ ගැටලු නිසා මුද්‍රණය නවතාදැමීම සිදුවිය.
මේ සමග පළවන්නේ අවසන් තරුණයා කලාපය ගැන පළකර තිබෙන දැන්වීම් කොටසකි.