https://www.gossiplankanews.com/2019/08/10-bad-weather.html#more
දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්වය නිසා අද (8) දින බස් රථ දුම්රිය ගුවන්ගමන් වලට බාධා ඇතිව තිබේ.කැළණිවැලි ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වීමක් සිදුවන බව
දුම්රිය පාලක මැදිරිය සඳහන් කර ඇත.ඊයේ අලුයම පැවති තද සුළං සහ වැසි තත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයන් හරහා ගස් කඩා හේතුවෙන්  දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙයි.
මීගොඩ සහ ගොඩගම යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇත.

කටුනායක බණ්ඩාරනායක

ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (08) දින අලුයම කාලයේ පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා , ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 02ක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇත.

මෙහි ගුවන් මගීන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය 155 ක් සිට ඇති අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබස්වා යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර සපයා දී යලිත් අලුයම 4.53 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව අලුයම 5.39 ට කටුනායක ගුවන් තොටුපළ වෙත නිරුපද්‍රිතව මෙම ගුවන් යානය ගොඩ බස්වා ඇත.

වැසි සමග හමා ගිය තද සුළං හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස 25 කට හානි වී ඇත.
ඊට අමතරව දඹුල්ලේ ද නිවාස 28 කට හානි වී තිබේ. නාරාහේන්පිට හත්බෝධියවත්ත ප්‍රදේශයේ ද නිවාස 10 කට පමණ තද සුළං හේතුවෙන් හානි වී තිබේ.

මේ අතර බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.