ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රතානයක මහතා තාවකාලිකව පත්කර තිබේ.
කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේය.
චන්දික හතුරුසිහ
මහතා ඉවත්කිරීම හේතුවෙන් හිස්වූ තනතුරට ඔහු පත්කර තිබෙන අතර ඔහු අන්තර්කාලීන පුහුණුකරු ලෙස නම් කර තිබේ.
55 හැවිරිදි ඔහු 1982 සිට 1993 දක්වා ටෙස්ට් 23 ක් හා එක්දින තරග 70 කට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු  ලෙස පසුගිය කාලයේ කටයුතු කර ඇත.