මහජනයා සඳහා කාලගුණ අනාවැකිය
2019 අගෝස්තු මස 08 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.


දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

උතුරු, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩිවීමේ හැකියාවක් පවතීන අතර උතුරුසහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වා ක්ෂණිකව ඉහල යාමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම, යාපනයසහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර,
මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.
----------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
2019 අගෝස්තු මස 08 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

ඉදිරි දින කිහිපයේදී, උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැක.

උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල, අගෝස්තු මස 08 වන දින දක්වාද, උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල අගෝස්තු මස 11 වන දින දක්වා ද ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.

දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ඉදිරි පැය 6 තුළ මන්නාරම සිට පුත්තලම හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ පොතුවිල් සිට මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 80 දක්වා ක්ෂණිකව ඉහල යාමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී පවතී.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

කළුතර සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදවඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.