https://www.gossiplankanews.com/2019/07/world-cup-2019-semi-final-selection.html
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (2) පැවැත්වුණ තරගයෙන් පසු අර්ධ අවසන් වටයට යාම සඳහා බංගලිදේශයට පැවති අවස්ථාව අහිමිවී ගිය අතර ඉන්දියාව අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීය.
මේ වනවිට අර්ධ අවසන් වටයට තේරෙන රටවල් ලෙස ස්ථිර වශයෙන් නම් වී ඇත්තේ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව පමණි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය,දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා
ඇෆ්ගනිස්තානය මුල්වටයෙන් විසිවූ Eliminated රටවල් බවට මේවනවිට පත්වී හමාරය.
ශ්‍රී ලංකාව 6 වනදා ඉන්දියාව සමග පවත්වන තරගය ජයගත්තොත් පොයින්ට්ස් 10 ක් ලැබී අර්ධ අවසන් වටයට යාමට බලාපොරොත්තු තබාගතහැකි බවට අදහසක් පැතිර තිබුණත් අයිසීසී නීති රීති අනුව ජයග්‍රහණ ගණන අඩුවීම මත සම ලකුණු ලබන අනෙක් රටවලට තැන ලැබී එම බලාපොරෙත්තු වර්ෂාවට සේදී ගොස් ඇති බව පෙනී යයි.

අර්ධ අවසන් වටයට තෝරන රටවල් අතර තියුණු සටන තවම අහවර නැති අතර
 නවසීලන්තය එංගලන්තය හා පකිස්තානය යන රටවල් 3 ට තවම තරගය විවෘතය.  අද(3) හා අනිද්දා (5) පවත්වන තරග අනුව එම රටවල් 3න් 2 ක් අර්ධ අවසන් වටයේ ඉතිරි රටවල් දෙක ලෙස මෙහිදී තෝරාගනු ඇත.
අයිසීසී නීති රීති අනුව  1) Points; 2) Wins; 3) Net run rate; 4) Results of games between tied teams; 5) Pre-tournament seeding යන ක්‍රමවේදයට මෙවර අර්ධ අවසන් වටයට

අයත් රටවල් තෝරාගනී.
නවසීලන්තය තරග 5 ක් දිනා ඇති අතර පොයින්ට්ස් 11 කි.
එංගලන්තය තරග 5 ක් දිනා ඇති අතර පොයින්ට්ස් 10 කි.
පකිස්තානය තරග 4 ක් දිනා පොයින්ට්ස් 9 කි.
අද 3 වනදා එංගලන්තය සමග නවසීලන්තය තරගවදී. මෙහිදී නවසීලන්තය ජයගතහොත් පොයින්ට්ස් 13 කි. එංගලන්තය 10කි. එංගලන්තය ජයගතහොත් පොයින්ට්ස් 12 කි. නවසීලන්තය 11 කි.
නැවත අනිද්දා (5) බංග්ලාදේශය හා පකිස්තානය අතර තරගයද තීරණාත්මක වන අතර එහිදී පකිස්තානය ජයගතහොත් පොයින්ට්ස් 11 කි.
ඒ අනුව 3 වනදා නවසීලන්තය දිනා 5 වනදා පකිස්තානය දිනුවොත් අර්ධ අවසන් වටයට එංගලන්තය නොයනු ඇත.
3 වනදා එංගලන්තය දිනා 5 වනදා පකිස්තානය දිනුවොත් අර්ධ අවසන් වටයට එංගලන්තය තේරී  නවසීලන්තය හා පකිස්තානය අතර ලකුණු ලබාගැනීමේ වේගය මත තේරෙන රට ඉදිරිපත් වනු ඇත.
3 වනදා එංගලන්තය දිනා 5 වනදා පකිස්තානය පැරදුනොත් අර්ධ අවසන් වටයට එංගලන්තය හා  නවසීලන්තය තේරෙනු ඇත.
ලෝක කුසලාන මුල්වටයේ 1 වැනියා හා 4 වැනියා අතරත් 2 වැනියා හා 3 වැනියා අතරත් අර්ධ අවසන් වටය පැවැත්වෙන අතර එම තරග දෙකින් ජයගන්නා රටවල් අවසන් තරගයට සුදුසුකම් ලබාගනී.