රත්නපුර රත්ගග පුංචි දඹදිව විහාරස්ථානය වැඳපුදා ගැනීමට දකුනු පළාතේ සිට
වන්දනා‍වේ පැමිනි
පිරිසක් රැගත් බස් රථයක් ඊයේ පස්වරු 6.30ට පමන මල්වල මීහිටිය ප්‍රදේශයේදී වේවැල්වත්ත
ප්‍රදේශයේ සිට රත්නපුර බලා ගමන් කරමින් තිබූ මගී බස් රථයක ගැටීමෙන් එම බස් රථ දෙකට සුළු
අලාභ හානි හා එහි ගමන් ගත් කිහිප දෙනෙකුට සුළුතුවාල සිදුව ඇත.

එම අනතුරින් පසු ඒ ආසන්නයේ තිබෙන ත්‍රීරෝද රථ ගාලේ  රියදුරන් විසින් වන්දනාවේ පැමිනි පිරිසකට
පහර දී ඇති අතර ඉන් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුලත් කර ඇත.

මෙම අනතුරින් හා පහර දීමෙන් පසු වන්දනාවේ පැමිනි පිරිස මේ පිලිබඳව රත්නපුර පොලිසිය වෙත
පැමිනිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පසුව රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුමාගේ උපදෙස්
මත අපරාද විමර්ශණ අංශයේ  නිළධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඒ පිලිබඳව පරීක්ෂන සිදුකර
 ඇත. මෙම පහර දීමට සම්බන්ද පිරිස ප්‍රදේශයෙන් පලාගොස් සිටි බැවින් ඒ අයව අත් අඩංගුවට
ගැනීමට නොහැකි වී ඇති අතර ඔවුන්ව හඳුනාගෙන ඇති බැවින් ඉක්මනින් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට
ක්‍රියාකරන බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසනවා.


කුරුවිට-කේ.ඒ.එස්.පියතිලක