https://www.gossiplankanews.com/2019/07/vip-thugs-kalagedihena.html
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ වීඅයිපී ජිප් රථ දෙකකට ඉදිරියෙන් ගමන් කළ වෑන් රථයක් පසුකර යාමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ජිප් රථයේ සිටි ආරක්ෂක නිලධාරින්
විසින් වෑන් රථයට පහරදී තිබේ.
ඩබ්ලිව්.පී සී.ඒ.ඩී 8850 ඩිෆෙන්ඩර් රථයත්,

ඩබ්ලිව්.පී සී.ඒ.ජී 0550 ප්‍රාඩෝ රථයත් කිසියම් ප්‍රභූ ආරක්ෂක රථ ලෙස හඳුනාගෙන ඇත.

කලගෙඩිහේන ප්‍රදේශයෙන් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් සිදු කිරීම හේතුවෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබූ බවත් මේ නිසා ඉඩදීමට හැකියාවක් නැති තැනක ඉඩ ඉල්ලා කරදර කර මෙම ගැටුම ඇති කරගෙන ඇත.

 වෑන් රථයේ රියදුරු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට මේ පිළිබඳ දැනුවත් කර ඇති නමුත් පහරදීමෙන් පසු පලාගිය රථ ගැන තවම ආරංචි නැති බවද වාර්තාවේ.