ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමට නියමිත බැවින් කැළණි ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පවතින අධික වර්ෂාපතනය
හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු  02 ක් විවෘත කළ බව කාර්ය භාර ඉංජිනේරු මහතා දැනුම් දී තිබෙන අතර විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතු වලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුම්දේ. එසේම විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නැමේ දී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්වය පිළිබදව වඩාත් සැළකිළිමක් වන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

ඔබට මේ පිළබදව යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි අංක 117 අමතා විස්තර ලබාගත හැක.